
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 11 වෙනි දින රාත්‍රියේදී ඡායාරූප ශිල්පී ඩබ්ලිව් ඩි තිලක් නිශාන් මහතා කහතුඩුව නිවසේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට වට්සැෆ් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන තිබූ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය
රාජකාරී සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට තමන් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව "තෝ ඉන්න තැන මම දන්නවා, උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා , උඹ දන්නෙ නැහැ මගේ හැටි, යැයි පවසමින් මරණීය තර්ජනය කළ බව පවසමින් පෙරේදා (12) පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
බකල ජයා Wednesday, 13 November 2024 11:36 AM
"හිටපු" කෑල්ල තියෙන නිසා මේව එලියට එනවා. නමුත් "ඉන්න" කාලේ අනික් අය බයයි පැමිණිලි කරන්න. හැබැයි මේ කරල තියෙන්නෙ ඒ මාධ්‍ය තුමාගේ රාජකාරියට අදාල දෙයක් වෙන්න ඇති.
සෙනෙවිරත්න Wednesday, 13 November 2024 11:45 AM
හිටපු ලොක්ක විහිලු සපයනව. ගෝලයො මරණ තර්ජන කරනව.හෙටින් පස්සෙ ඔය හෑටාව අවසන් වෙයි
රම්බොඩ Wednesday, 13 November 2024 02:23 PM
අර වෘත්තීය සමිතියක් අටවගෙන වැඩ වර්ජනය කර කර ඉඳලා රනිල් මහතා ආණ්ඩුවේ තනතුරක් ගත්ත හාදයා නේද මේ උඩ ගිහින් තියෙන්නේ