IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සුව ඇමති අ’පුර පොඩි රෝහල් වල හදිසි නිරීක්ෂණයක


(අංජුල මහික වීරරත්න)


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කර  ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට  ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසය.

අමාත්‍යවරයා මේ බව කීවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන  කිහිපයක  නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය රෝහල, ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,  සහ තවත් ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන  කිහිපයක  නිරීක්ෂණයේ නිරත වු අමාත්‍යවරයා එම රෝහල් වල බාහිර රෝගී අංශ, සායන පරිශ්‍ර, වාට්ටු, ඖෂධාගාර, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා, රුධිර කාන්දුකරණ ඒකක, රසායනාගාර, ඇතුළු සියලු අංශ  නිරීක්ෂණය කළේය.

එමෙන් ම අනුරාධපුර  දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන  බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටළු සහ සිය රාජකාරිය සිදුකිරීමේදී කාර්ය මණ්ඩලයට පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව ද ඇමතිවරයා කරුණු විමසීය.

 



අදහස් (1)

සුව ඇමති අ’පුර පොඩි රෝහල් වල හදිසි නිරීක්ෂණයක

janaka gamage Sunday, 08 June 2025 03:43 PM

ටී- ෂර්ට් වලට ජනතාවගේ බදුමුදල් වෙන්න ඇති ගන්න ඇත්තේ...!

:       4       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 593 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 345 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site