(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල සිදු වීමෙන් තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මහරගම පොලිසියේ ස්ථානාධිපතිගෙන් අද (4) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව ඊයේ (3) පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේ දී ඇතිවූ තෙරපුම හේතුවෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ වම් අතෙහි ඇඟිලි යකඩ බැරියර් දෙකක් අතරට සිරවීමෙන් ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී තිබිණි
තුවාල ලද ස්ථානාධිපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයට ලක් කෙරිණි
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු කණ්ඩායමක් පැමිණ ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශ ඇතුළත් සටහන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාර දී ඇත
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජි.ජේ නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මාතෘ ගුරු උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී