IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සැමියාගේ මුගුරෙන් බිරිය මරුට

(බණ්ඩාර ජයරත්න සහ විශේෂ පී ශාන්ත බණ්ඩාර)

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති 23 හැවිරිදි කාන්තාවක බවද පැවසීය .

පොලිසියට ලද තොරතුරක් මත සිද්දිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පැවසීය .

සිද්දිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .

මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය .

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .

 



අදහස් (14)

සැමියාගේ මුගුරෙන් බිරිය මරුට

චමින්ද Sunday, 09 April 2023 06:40 PM

කෑගල්ලේ සතියකට එකක් දෙකක් මිනීමැරුමක් වෙනවා කියන්නේ ඉතාමත් කණගාටුදායක තත්වයක් තමයි...

:       2       43

lankasri Sunday, 09 April 2023 09:11 PM

සියලු විවාහකයින් දැනගතයුතු කරුන නම් විවාහවූ පමනින්ම හෝ දරුවකු හැදූ පමනින්ම විවාහයක් පවතින්නෙ නැති බව. අධ්‍යාත්ම්කව බැදුනු දෙදෙනෙකු හැර අන් සියලු බැදීම් රදා පවතින්නේ සර්තකවු ලිංගික ජීවිතයක් පදනම් කරගෙනම පමනි. මෙතැනදී දෙපාර්ශවයටම විශාල කාර්‍යයභාරයක් කලයුතුව ඇත. මෙවාට මනා අධ්‍යනයක් දෙදෙනාටම අවශ්‍යයි. මේ සම්බන්ධව ව්‍ද්‍ය උපදෙස් ගැනීම වැදගත්. අනෙක් කරුන නම් අසීමිත ලෙස ඉවසීම ප්‍රගුන කලයුතුයි. තරුණ යුවලන්ට නැත්තේම මේ දෙයයි. බුද්ධ ධර්මයේ හැසිරීම ඉතාමත් වැදගත් එහි අර්ත ජීවිතයට ආදර්ශ කරගත යුතුයි. අන්‍ය ආගමික උවත් බුද්ධ ධර්මය ඉගැනීම වටී. එය ආගමක් නොව ලොව පවත්නා පරම සත්‍ය බැවින්. අද සමජයේ පිරිමියා ඉතා අසාමන්‍ය ලෙස පිරිහීමට ලක්වී ඇති බව පෙනේ. බිරිද මවක් ලෙස ඔහු හරි මගට ගන්නට වෑයම් දැරුවත් එය පිරිමියා වටහා නොගෙන කලහාකරී ලෙස හැසිරීමත් මෙවැනි කේදජනක සිද්ධින්ට මූන පාන්නට සිදුවේ. දෙදෙනාගේ සත්‍ය ස්වභාවය වටහා ගත හැක්කේ විවහයෙන් පසුවම පමනි. එහෙයින් තමන් බලාපොරොතු වූ අකාරයේ පුද්ගලයෙක් නොවේ නම් ගැහැනිය කිසි විටකත් ඒ විවහයේ රැදී සිටීමට උත්සහ නොකල යුතුයි.

:       1       23

Pradeep Kumara Sunday, 09 April 2023 09:19 PM

ඕනම කෙනෙකුගේ පවුල් වල මත ගැටුම්, ප්‍රශ්ණ තියනවා. ඒත් කොහොමද දෙයියනේ තමන්ගේ බිරිදව, සැමියව ගහලා මරන්නේ? දැන් කෙනෙකුව මරනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

:       0       9

C.K.Lankaputhra Sunday, 09 April 2023 09:28 PM

රට විනාසයි. කබලෙන් ලිපටම වැටිලා.

:       0       10

kausumasiri Monday, 10 April 2023 03:05 AM

අපේ සමාජය ලෝකයේ තියෙන තිරිසන් බවින් වැඩිම සමාජ අතර කප්ගසා ඇතිබව දිනපතා පලවන මෙවැනි පුවත් මගින් මොනවට පැහැදිලි වෙමින් ඇත. මිනිසුන් අතර මානව හිතවාදී ගුණධර්ම දියුණු කිරීම සඳහා පලදායී හා ක්ෂණික වැඩ පිළිවෙලක් අවශ්‍යව ඇත. කණගාටුවට කරුණ නම් අදාල බලධාරීන්ට මෙම භයානක අනතුර පිළිබඳව තවමත් දනී නැතිවීමය.

:       1       9

ranjith Monday, 10 April 2023 06:16 AM

මේවා දැන් දිනපතා වාර්තා වෙනවා.. අපරාධ, මිනීමැරුම් ඉතා සීඝ්‍රෙයන් වැඩිවෙන බව පේන්නේ මේ රට හොඳ තත්වයක් නොවේ. හොඳට තිබුණු රටට වුණු දෙයක්..

:       0       7

prasanna Monday, 10 April 2023 07:57 AM

ලෝකයේ වඩාත්ම අශිෂ්ට ප්‍රජාව ශ්‍රී ලාංකික සිංහලයන් ය.

:       10       10

සමන් - ගුණසේකරMonday, 10 April 2023 08:37 PM

ප්‍රසන්න, ඔබගේ අදහස හොඳටම වැරදියි. හැමදේටම ශ්‍රී ලංකාවට, සිංහලයින්ට ගරහන එක දැන් ලොකුකමක් වෙලා. තමන්ගේ රටට, ජාතියට, ආගමට ගරු කරන්න පුරුදු වෙන්න. අවමාන කරන්නේ නැතිව, කළු සුද්දෙකු වෙන්න එපා. ඔබ කොහොමද සිංහලෙන් "ලෝකයේ වඩාත්ම අශිෂ්ට ප්‍රජාව" කියන්නේ? ඔබ එළි දක්වන්නේ ඔබේ තියන දීනකම, හීනමානය.

:       2       2

BamunuarachchiSunday, 16 April 2023 07:37 PM

මහත්තයෝ කලබල වෙන්න එපා. ඒ කිව්වේ සිංහලයා ගැන ඒ මහතාගේ opinion එක. ඒක ඔබේ opinion එකම වෙන්න ඕනේ නැහැ. අපිට දේශපාලනය ගැන කතා කොරන්න බැරි ඔය හේතුව නිසයි. මම ජෙප්පෙක් නම් අනික් සියලු දෙනාම ජෙප්පෝ වෙන්න ඕනෙයි කියා මම හිතනවා. හැබැයි හොටලෙකට ගිහිල්ලා මම ඉඳිආප්පන් ඉල්ලලා මගේ යාලුවා ආප්ප ඉල්ලුවොත්. ඇයි උඹ ආප්ප කන්න හදන්නේ? මන්වගේ කාපන් ඉඳියප්පන් කියන්නේ නැහැ.

:       0       1

sanathWednesday, 12 April 2023 02:46 PM

අශිෂ්ට ප්‍රජාව ශ්‍රී ලාංකික සිංහල කියන්න ඔයා කවුද? ඔයා කරන ඔක්කොම ශිෂ්ඨයි කියලා කියන්නේ කොහොමද? බොරුවට පොරවෙන්න දොඩවන්න එපා.. ලෝකය ගැන මීට වඩා හොයන්න.

:       2       1

Udhuli Monday, 10 April 2023 08:28 AM

එක තත්පරයක් දෙකක් ඉවසන්න බැරිඋන ඒකේ විපාකය. ජීවිතයම විඳවන්න වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. හැමදාම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තමයි අහන්න, දකින්න ලැබෙන්නේ. මේ ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු හරිම කලබලකාරී මනසකින් වැඩ කරන්නේ. ඉතිං ඔය අතරේ පොඩි ප්‍රස්නයක් උනත් ඒක ලොකුවට ගන්නවා. ඉවසීම අතුරුදහන් වෙනවා. මේවා ගැන කිසිම කෙනෙක් අවධානය. යොමු කරන්නේ නෑ... තමන් එක්ක ජීවිත කාලයම ගෙවන්න කියලා හිතාගෙන මෙලොවට බිහිකරලා හදාවඩා ගත්තු දෙමව්පියන්ගෙන් වෙන්වෙලා ආව මේ සොයුරියට මේවගේ ඉරණමක් අත්වෙයි කියලා හීනෙකින්වත් හිතෙන්න නැතිව ඇති. මෙය කරපු කෙනා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා ඇති. අඩුම ගානේ උදේ පාන්දර නැගිටලා උයලා පිහලා කෑම ටිකවත් දෙන්න ඇතිනේ. රෙදිටික හෝදලා දෙන්න ඇති . වැඩට ගිහින් එනතුරු මග බලාගෙන ඉන්න ඇති. එහෙම කරපු කෙනෙකුට මෙහෙම අපරාධයක් කරන්න කෙනෙක් මොනතරම් සැහැසි වෙන්න ඕනෙද........ සොයුරිය ඔබ‍ට මෙවන් අකල් මරණයක් නිවන් දක්නා තුරු නොමවේවා... ඔබතුමියට නිවන්සුව පතමු.hi

:       1       13

rattu Monday, 10 April 2023 08:45 AM

රටේ නීතියක් නෑ. පුස්කාපු නීතිවලට තිරිසන් ගති තියන අය බය නැහැ. ඒකයි නිතරම අහිංසක කාන්තාවන් හැමදාම මැරෙන්නේ...

:       1       13

රුචිර Monday, 10 April 2023 01:59 PM

හැම කෙනාම නීතියක් ගැන කතාකරනවා. නීති තදකරලා දැඩි දඬුවම් දුන්නත් මේවා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. මේවා වුණාට පස්සේ දෙන එකක්නේ දඬුවම. නමුත් මේවා නොවෙන්න වැඩ පිළිවෙලක් ගැන බැලුවොත්, හිතුවොත් තමයි වඩා හොඳ. මිනිස්සුන්ගේ ගුණ ධර්ම වර්ධනය කරොත්, මිනිස්සුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවුවොත්, වර්ධනය කරුවොත් (විභාග පාස් කරන අධ්‍යාපනය නෙමෙයි) හැම පැත්තටම සාධාරණයක් වෙනවා. නමුත් ඒ ගැන හිතන්න, ක්‍රියාකරන්න එහෙම හොඳ අධ්‍යාපනක්‌ ඇති කෙනෙක් හොයාගන්න නෑ. මේවාට ව්සඳුමක්වත් රටේ ඉන්න ආගමික නායකයින්වත් යෝජනා කරන්න උන්නාන්සේලාට විවේක නෑ. (මිනිස්සුන්ගේ පිරිහීමට ආගමික නායකයින් ක්‍රියාශීලී නොවීම හේතුවක්.)

:       0       9

Uduwara Tuesday, 11 April 2023 12:50 AM

රටේ දවසින් දවස මේවගේ ඇඟ කිලිපොලා යන අපරාධමයි ඇහෙන්නේ. ඒත් කිසිම දෙසපාලකයෙක් මේවගේ අපරාධ වළක්වාගන්න ක්‍රමයක් ගැන කතාකරන්නේ නෑ. බලය වෙනුවෙන් කාලය, මහජන මුදල් වැය කරනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 439 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 927 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1086 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 720 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 194 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1870 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site