IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි

(දිලීප් ජයසේකර)

මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය.

වලස්මුල්ල හෙරේවෙල ප්‍රදේශයේ දී ඉකුත් 2006 .10.16 හෝ ඊට ආසන්ද දිනකදී සුබසිංහ කට්ටඬිගේ සයින්දරා නමැති කාන්තාවකගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැත්තට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා එසේ ප්‍රකාශ කළේය.

මෙම මරණීය දණ්ඩය නියම කිරීමේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු මෙසේද ප්‍රකාශ කළේය.

මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම,විදුලි පංකා නිවා දැමීම,විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තින්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමිම සිදු කරන නමුත් අද දිනයේ මා එම සාම්ප්‍රධායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.

එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සදහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුවද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩණය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම ඇතැම් තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයින් පවතිනා නිති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප්‍රධායිකව එසේ කරනු ලබන පෙර කී ක්‍රියාවන්හි අදාළතාවයක්,ප්‍රායෝගිකතාවයක් නොමැතිය.

ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි යැයි මහාධිකරණ විනිසුරු වරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (35)

සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි

දාස Wednesday, 17 November 2021 10:19 AM

ඔබ නිවැරදියි නඩුකාර තුමනි

:       1       166

සෑම් Wednesday, 17 November 2021 10:23 AM

කතාව සහතික ඇත්ත, අද රටේ මරණ දණ්ඩනය නියම වුවන් නිදහස් කර නොනැවතී එකරැයින් රජයේ ඉහලම තනතුරු දෙනවා. පාදඩ නායකයා රටේ නීතිය අධිකරණය අද බාල්දු කරලා තියෙන්නේ. අපි ඔබේ ක්‍රියාව ඉහලින්ම අගය කරනවා

:       3       184

sujeewaSaturday, 20 November 2021 08:56 AM

මරණීය දණ්ඩනය නියම කරවීම සඳහා නීතියේ මුර දේවතාවන් ලෙස සැලකෙන විනිසුරුවරියක හා නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරීන් කිහිප දෙනෙකු දේශපාලකයින්ට යටහත් සේවකයන් වී කෙසේ හෝ වැරැදිකරුවකු කළ බවට හඬපට සමාජ මාධ්‍යයන් හරහා අසන්නට ලැබුණි. එය සත්‍යයක් නම් නීතිය විසින්ම අනීතිකව නීතිය නමා වැරැදිකරුවකු කරවූ පුද්ගලයාට සාධාරණත්වය ඉටුවිය යුතු නොවේද? ඒම හඬපට නිවැරදි නොවන බවට ඊට සම්බන්ධ කිසිවකු ප්‍රකාශ කර හෝ ඊට විරුද්ධව නීතිමය පියවර ගෙන නොමැති තත්වයක් තුළ ඒම හඬපට නිවැරදි යැයි විද්‍යාමාන නොවන්නේද? ඒ ලෙසම නීතියේ සාධාරණත්වය ගැන හඬ නගන කිසිම සංවිධානයක් එම හඬපට හේතුවෙන් නීතියට කැලලක් ඇති වී ඇති බවට කිසිඳු ප්‍රකාශයක්ද නිකුත් කර නැත. අනෙක් අතට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා නීති ක්ෂේත්‍රය තුළින්ම හා ජාත්‍යන්තරයෙන් නැගෙන විරෝධය අපට පමණක් ඇසෙන මායාවක්ද? මානව හිමිකම් යනු එක් එක් සංවිධානවල අභිමතය පරිදි කබරගොයා තලගොයෙකු කරවීමේ ක්‍රියාදාමයක් පමණක්ද? එවැනි තත්වයක් තුළ ඔබලාගේ ප්‍රකාශ මහජනතාව ලෙස අප හට අපභ්‍රංශ වේ.

:       1       1

de silva Wednesday, 17 November 2021 10:24 AM

ඔය වෙලාවේම එල්ලලා මරන්න දිනයක් සහ වෙලාවක් නියම කරන්න බැරිද ?

:       2       99

jagath Wednesday, 17 November 2021 10:34 AM

මම ඔබට ගරු කරනවා සර්.......

:       1       132

පාඩම් කරන දරුවන් Wednesday, 17 November 2021 10:39 AM

ආගමික ලවුඩ්ස්පීකර් ශබ්ද දූෂණයෙන් රට බේරාගන්නේ කවදාද ? ලවුඩ්ස්පීකර් ශබ්දය නිසා පාඩම් කරන්න බෑ අපිට

:       31       80

සෞම්‍ය Wednesday, 17 November 2021 04:53 PM

ඔබ හරි අපේ දරුවන් දෙදෙනාම එලැඹෙන A/ L , O /L විභාග වලට පාඩම් කරනවා. ඒත් උදේ , හවස , ඉරිදා , පෝය දවස්වලට කණක් ඇහෙන්න නැහැ. එහා ගෙදරක අලුත උපන්න දරුවෙකුත් ඉන්නවා. ලවුඩ්ස්පීකර් ශබ්දය නම් හරිම කරදරයක් .

:       1       5

ඇන්තනිSaturday, 20 November 2021 08:18 AM

සෞම්‍ය, ඔබ කළුතර බේරුවල වගේ සිංහල මුස්ලිම් අය එකට ඉන්න පැතිවල නෙවෙයි වෙන්න ඇති ඉන්නේ... පන්සලේ කරදරය පෝයට සහ ඉරිදාටනේ. මුස්ලිම් පල්ලිවල හැමදාම පාන්දර ලවූඩ්ස්පීකර් දාලා කෑගහන්නේ... රාමසාන් සමයේදී පාන්දර 3 ඉඳලා මේ ශබ්දය... සමහර වෙලාවට එක කිට්ටුව පල්ලි තුන හතර තියෙනවා. ඒ හැම පල්ලියේම එකම වේලාවට හෝ විවිධ වෙලාවට කෑගහන්නේ. ඒ නිසා පෝය සහ ඉරිදා විතරක් නෙවෙයි හැමදාම තියන දේවල් වලටත් ඔය සද්දේම දාන්න...

:       1       2

සමන්තThursday, 18 November 2021 10:19 AM

ලවුඩ් ස්පීකර් දානවා කියලා පැය විසිහතරේම දාන්නේ නෑ නේ. ඒ දාන වෙලාවට ආගමික කටයුතුවල නියලෙන්න. ඒක සිතට සහනයක් ලැබෙනවා නේ. ඊට පස්සේ පාඩම් කරන්න..එතකොට ඔය ප්‍රශ්නය විසදිලානේ. ඒකට කමයි මොලයක් දීලා තියෙන්නේ. පොතේ දැනුම විතරක් මදි. සමාන්‍ය දැනුමත් ජීවිතයට එක් කර ගත යුතුයි.

:       13       9

AN IshanSunday, 21 November 2021 04:53 PM

ඔබට අවහිරයක් නම් අදාළ ආගමික ස්ථානයට යන්න. පන්සලක් නම් නායක හාමුදුරුවන් හමුවන්න. පල්ලියක් නම් ප්‍රධාන පූජකතුමා හමුවන්න. කෝවිලක් නම් එතැන භාරව ඉන්න පූසාරි කෙනෙක්ව හමුවන්න. දායක සභාවට ලිඛිතව දන්වන්න. ඔවුන් ඔබට සාධාරණයක් කරාවි. මෙතනට ඇවිත් බෙරිහන් දීමෙන් ඵලක් වන්නේ නැත. අදාළ තැන අදාළ කමෙන්ට් කිරීමට බුද්ධිමත්ව කටයුතු කරන්න.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 11:18 AM

මිනීමරුවෝ සභාපතිලා වීමට බොහෝ ඉඩ ඇත.

:       3       110

පැරකුම් Wednesday, 17 November 2021 11:23 AM

අද අපේ රටේ අධිකරණයත් දූෂිත දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා යොදාගැනීමට එරෙහිව මතුවන නව ප්‍රවනතාවය බෙහෙවින් අගය කරමු.

:       1       100

lal Wednesday, 17 November 2021 11:29 AM

හරියටම හරි මම ගරු කරනවා සර්.

:       1       99

ravin Wednesday, 17 November 2021 11:30 AM

ඇත්තනේ ඕනෑම රටක නීතිය මරණ දණ්ඩනය කියන්නේ උපරිමයයි ,මේ රටේ මරණ දඬුවම කියන්නේ විහිලුවක් වෙලා ඉවරයි .ඉතින් බොරුවට සම්ප්‍රදාණුකුලාව දේවල් විහිලු කරගන්න හොඳ නැහැ

:       3       101

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 November 2021 11:32 AM

ගරු මහාධිකරණ විනිසුරු තුමාගේ තීන්දුව හා ප්‍රකාශය සම්බන්ධයෙන් ගම්‍යමාන වෙන්නේ,වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින දේශපාලන ක්‍රමය තුළ ඇති අසාධාරණ බව නොවේද ? විනිසුරු වරයෙකු හා අධිකරණය මරණ දඬුවම දුන්නද,එය නිෂ්ප්‍රභා කොට අපරාධකරුට සමාව දීමට දේශපාලකයන් ක්‍රියාකිරීම නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමට හේතුවී ඇති බව නොවේද ? ගරු විනිසුරු තුමානි, එඩිතර ව සත්‍ය පෙන්වාදුන් ඔබතුමාට අපගේ ප්‍රණාමය.නීතිය පසෙක තබා දේශපාලනඥයන් ට රෙදි නැතිව කඩේ යන ඇතැම් නීතිඥයන්ට හා නීතියේ ක්ෂේත්‍රයේ අයට ඔබතුමා දී ඇත්තේ බලවත් කම්මුල් පහරකි.ඔබතුමාට රට ජාතියේ ප්‍රණාමය ... !!!

:       2       137

Hafeel Wednesday, 17 November 2021 11:34 AM

පොදුවෙන් බැලුවුත්, ඒක් අපරාධකරුවකුට විභාග කරලා දඬුවම් දෙනතුරු ආයතන ගණනාවක් කාලය, ශ්‍රමය වියදම් කරලා සහ මහජන මුදල් නාස්තිකරලා අධිකරණයෙන් තීන්දුව දීල, පසුව ජනාධිපති සමාවෙන් නිදහස් වෙන එක මොනතරම් මෝඩ වැඩක් සහ අසාධාරණයි. මේ වැඩේ මුලදී කළා නම්, ඉහත සඳහන් කරුණු සේරම ඉතුරු.

:       2       84

පැරකුම්Wednesday, 17 November 2021 01:40 PM

Hafeei, ඔබ ඉතාමත් නිවැරදියි. ජනාධිපති සමාව අවශ්‍යම නම් අවුරුදු පහකට එකක් වන සේ සීමා කලහැක.

:       1       1

නරේන්ද්‍ර ගුණතිළක Wednesday, 17 November 2021 11:43 AM

ඉතාමත් නිර්භීත තීරණයක්. ඔබතුමාට ආචාර කරමි.

:       2       106

සම්පත් ලියනගේ Wednesday, 17 November 2021 11:49 AM

නෛතික කලකිරීම

:       0       63

kamal Wednesday, 17 November 2021 11:56 AM

පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපේ සර් ගල බොඩයා දාලා වස්තියක් දෙන්න යන්නේ ඔක්කොම ලෙඩ සුව වෙන්න කියලා

:       9       53

Neranjan Wednesday, 17 November 2021 11:57 AM

ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවත් ,අධිකරණයත් විහිළු සපයන කෝලම් මඩු බවට පත්ව ඇති බවට හොඳම උදාහරණයක් මේ.එයට තමන්ට හැකි ආකාරයට විරුද්ධත්වය පලකල මේ විනිසුරුවරයාට ගරු කරමි.

:       1       83

ලුම්බිණි Wednesday, 17 November 2021 12:13 PM

අපි සාම්ප්‍රදායෙන් පිට පැනපු රටක් වෙලා අවසානයි විනිසුරු තුමනි.

:       1       57

අබිලින් Wednesday, 17 November 2021 01:02 PM

නිකරුණේ හිරබත් කන රංජන් මැතිතුමා කිව්වෙ මේකද.? මෙතන චුදිතයා තවත් රාජපක්ෂ කෙනෙක් නේද.?

:       10       44

ganegoda Wednesday, 17 November 2021 01:21 PM

දියවන්නාවේ හැංගිලා ඉන්න මිනීමරුවන්ටත් මේක අදාලද.?

:       2       46

hemantha Wednesday, 17 November 2021 01:23 PM

හරි හොඳයි

:       0       1

සනත් ඉතාලිය Wednesday, 17 November 2021 01:55 PM

මිනීමරුවො සාම විනිසුරු වූ යුගයකුත් තිබ්බ. එදාත් උනා අදත් වෙනව හෙටත් වෙන්න ඉඩ තියෙනව. 44අවුරුද්දක් පාලනය කරපු නායකයො මේවට වගකිවයුතුයි.

:       0       1

sharm warn Wednesday, 17 November 2021 01:57 PM

විනිසුරුතුමා ඔබ ඉතා නිවැරදියි

:       0       4

salinda Wednesday, 17 November 2021 02:36 PM

මේ රටේ මරණ දඬුවම කියන්නේ විහිලුවක් වෙලා ඉවරයි

:       0       1

පුසන්න පෙරේරා Wednesday, 17 November 2021 02:47 PM

මෙම තිරනයෙන් කියැවෙන යථාර්තය තේරැමි ගැනිමට නිති ක්ෙෂ්තත්‍රයේ පිරිස් මෙන්ම සෙසු ජනයාත් තේරැමි ගත්තෙත්..... ඉතා හොඳ තීරණයක්.... ගෞරවනීය විනිසුරු තුමනි ඔබට මගේ ප්‍රණාමය....

:       0       2

ගමේ එකාලා Wednesday, 17 November 2021 03:27 PM

ජීවිතාන්තය දක්වා හිරේට නියමවූ අයත් නිදහස් වෙන රටක්. .මිනිමරුවොත් අද නීදහසේ ඉන්නවා. අධිකරණයත් දේසපාලණීකරණය වෙලා, සිද්ද වෙන දේවල් දිහා බැලුවම අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       2

Rohana Wednesday, 17 November 2021 03:35 PM

නූගත් දේශපාලකයින් විසින් උගත් විනිසුරුතුමන්ලාගේ ගෞරවය සාධාරනත්වය මත ගනු ලබන විනිශ්චයන් හෑල්ලුවට ලක්කරනවාට ගතයුතු ඉතා යහපත් ප්‍රතික්‍රියාවකි.

:       0       3

සංජය Wednesday, 17 November 2021 05:30 PM

මරණ දඩුවම සුදුසු ජීවත්වෙලා ඉන්න අය වැරදිකරන එක වලක්වාගන්න ඇරමුන සදහා පමණයි. මැරුනට පස්සේ මොකද වෙන්නෙ කියල මේවෙනතෙක් විද්‍යාත්මක සාධක නැත. සමහරවිට මැරුනට පස්සේ මිනිස්සුන්ට උන්නට වඩා හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන්. සහරවිට අවම මාස 6 සිරදඩුවමටත් වඩා අඩු දඩුවමක් වෙන්නත් පුලුවන් මරණ දඩුව කියන එක. මගේ අදහසනම් මරණ දඩුවම වෙනුවට ජීවිතකාලයේම විදවන්න දඩුවමක් හදුන්වාදෙනවනම් වරද කරපු පුද්ගලයාටත් නියම දඩුවමද ලැබෙන්න පුලුවනි.

:       0       0

Nuwa Wednesday, 17 November 2021 06:07 PM

රට හොඳ දිශාවකට ගමන් කරනවා වගේ... ඇත්තටම නීතිය අධිකරණය කෙළින් ඉන්නවා නම් රටට යහපතක් වේවි

:       0       12

බද්රානි Wednesday, 17 November 2021 10:28 PM

ඔබ තුමා වැනි ගෞරවනීය විනිසුරු වරයෙකු ලංකාවේ අධිකරණ පද්ධතිය තුල සිටිනවා යයි අසන්නට ලැබීමත් සතුටට කරුණක්. හොර, තක්කඩි, මිනීමරුවන් පාලන තන්ත්‍රයේ රජකරන රටක ගරු අධිකරණයේ තීන්දු වලට මෑතකදී අත්වූ ඉරණම දැක අප කනගාටු වුවා මිස වෙන මොනා කරන්නද? ඔබ තුමා වැනි වැදගතුන් ලංකාවේ අධිකරණ ශේත්රය තුල තව තවත් බිහි වේවා යයි පතමි!!

:       0       4

Royfedricks Thursday, 18 November 2021 04:30 AM

මෑතක සිට විනිසුරුතුමන්ලා කිහිප දෙනෙක් අදිකරණය ස්වාදීන බව පෙන්වමින් අභීත තීන්දුදීම අගය කලයුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 135 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 278 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 380 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 732 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1133 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 914 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site