(සුජිත් හේවාජුලිගේ)
ස්වසන රෝග ලක්ෂණ පවතින්නේ නම් මුව ආවරණයක් පළඳින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් නිදන්ගත රෝග සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මහජනතාව ගැවසෙන ස්ථානවලට ගමන් කරන අවස්ථාවලදීද මුව ආවරණයක් පැළඳිම වැදගත් බව ඔහු සදහන් කළේය.
එසේම චිකන් ගුන්‍යා සහ ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් මුල් දින කිහිපයේදී සියලු දෙනා මදුරු දැලක් පාවිච්චි කිරීම වැදගත් බව පවසන විශේෂඥ වෛද්‍යවරයා එසේ කටයුතු කිරීමෙන් රෝගය අනෙකුත් පුද්ගලයන්ට පැතිරීම වැළකෙන බවද සඳහන් කළේය.
පාසල් හෝ රාජකාරී ස්ථානවලට හෝ එළිමහනට ගොස් නිවෙසට පැමිණි වහා දෑත් හොදින් සෝදා ගැනීම වැදගත් බවත් නිතර නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ස්වසන රෝග ලක්ෂණ තියෙනවානම් ‘මාස්ක්’ දාන්න