( ලලිත් නවරත්න)
මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ මවක් ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සමඟ එක්වී සිය දියණියගේ මුහුණ රත්වූ හැන්දකින් පුච්චා දැමීම සම්බන්ධයෙන් මව සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් මවට සිද්ධියට මුහුණ දුන් අවුරුදු 11 දැරියට අමතරව තවත් වයස අවුරුදු 5ක දැරියක් සහ , අවුරුදු 3 තුනක පිරිමි දරුවෙක්ද සිටින බව පොලීසිය කියයි.
දැරියට දඩුවමක් ලෙස පහරදී මේස හැන්දක් රත්කර මුහුණ සහ තොලෙහි තැබීමෙන් දැරිය තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
දැරිය ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතිඅතර මව සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු දරුවන් දෙදෙනා පොලිස් භාරයේ පසුවන අතර සැකකාර මව සහ සුළුපියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස්මත මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ළමාහා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක එස්. ඒ. එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුළු පියයි මවයි එකතු වී දියණියට දස වද දීලා