( තිලකරත්න දිසානායක)
සහල් සහ සීනි පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා , පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයට දැනුම්දී ඇත.
සහල් සහ සීනි මිල අධික ලෙස ඉහළ යාම මත රජය මගින් ගැසට් පත්‍රයක් මගින් එම ද්‍රව්‍ය සදහා පාලන මිලක් නියම කොට ඇති බැවින් එය බලාත්මක කරමින් වැඩි මිලට අලෙවි කරන්නේද යන්න සොයා බැලීම පිනිස මෙලෙස හෙට (6) සිට වැටලීම් සිදු කරන ලෙසට විමර්ශන ඒකක ප්‍රධානීවරයාට දැනුම්දී තිබේ.
මේ අතර දැනට නියම කොට ඇති පාලන මිලට වඩා වැඩි මිලට සහල් සහ සීනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි පාරිභෝගික ජනතාවට 033 - 222235 දරණ අංකයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකි බව දිසාපතිවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල වැටලීම් සිදු කිරීම පිනිස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහාය පිනිස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැනට පුහුණුව සඳහා අනුයුක්ත කොට සිටින උපාධිධාරීන් අතුරින් ඒ ඒ කොට්ඨාස සදහා පස් දෙනෙකු බැගින් මුදා හරින ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනා හට දැනුම්දී ඇති බවද දිසාපති සුනිල් ජයලත් මහතා සදහන් කළේය.
දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ සහ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්ද , මරදගහමුල සහල් වෙළඳසල් මෙන්ම සාමාන්‍ය වෙළඳසල්ද අද සිට පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල්-සීනී වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී
Wm Chamila lakshman Wasala Tuesday, 07 September 2021 02:49 PM
හදිසි කෝල් එකක් ගන්න අපහට දුරකථන අංකයක් ලබා දෙන්න වී වැඩි මිලට අලෙවි කරන අය ගැන තොරතුරු ශනිකව ලබාදීමට හැකි ජංගම දුරකතන අංකයක් නම් වඩාත් හොඳයි