IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිංහලෙන් ආ සිතාසිය ශ්‍රීධරන් බාර නොගනී

(රොමේෂ් මධුෂංඛ)

යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට  දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාර ගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට දැනුම් දී ඇත.

යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින්  පොලිස් නිලධාරීන් දෙනඅකු  ලියවිල්ලක් බාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා සිටියේය.

පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ සිතාසියක්හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේ නම් පමණක් පිළිගන්නා බවටය.

 



අදහස් (12)

සිංහලෙන් ආ සිතාසිය ශ්‍රීධරන් බාර නොගනී

sam Wednesday, 15 February 2023 12:07 PM

මුට බල්ලෙක්ගෙ බාසාවෙන් බුරල කිවුවනම් හරි.

:       22       7

mahesh Wednesday, 15 February 2023 12:18 PM

ඒක සාධාරණයි .අපිට දෙමළින් ආවත් ඔය ටිකමනේ .භාෂා දෙකෙන්ම යවන්න

:       6       51

ලංකාපුත්‍ර Wednesday, 15 February 2023 12:37 PM

සාමාන්‍යයෙන් සිතාසියක් පිස්කල් විසින් තමයි බාරදීම කරන්නේ ශ්‍රීධරන් කරපු දේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති අනුව නිවැරදියි. පොලිස් නිලධාරින් කරලා තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් කියලා කියන්න පුළුවන්...

:       2       22

Bamunuarachchi Thursday, 16 February 2023 04:11 AM

ලංකාවේ ක්‍රීයාත්මක වෙන්න ඕනේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මිස චෙල්වනායගම් ප්‍රතිපත්ති නොවෙයි. දෙමල්ලු මේ රටේ හිටියත් එකයි ගියත් එකයි. අපිට පාඩු නැහැ.

:       0       1

sssss Wednesday, 15 February 2023 01:08 PM

මුන්ට පාඩමක් උගන්න්වමු... ගේමු රාජපක්ෂ ලාව

:       25       3

Sanath Kandy Wednesday, 15 February 2023 01:24 PM

අවුරුදු 75ක් ගිහිල්ලත් මේ වගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරන්න බැරි එකම ඇති ආපහු දෙමළ ජනතාව යුද්ධයකට තල්ලු කරලා දාන්න​.

:       3       26

Nissanka Wednesday, 15 February 2023 01:25 PM

මේ අමන පාලකයෝ මේවා විසදන්නේ නැත්තේ මේ ප්‍රශ්න හිගන්නගේ තුවාලේ වගේ උන් ගේ පැවැත්මට පාවිච්චි කරන්න​.

:       1       25

Aravinda Monarawila Wednesday, 15 February 2023 02:46 PM

ඒ්ක සාදාරන ක්‍රියා මර්ගයක්, රට බෙදන්න නොවෙයි එකතුවෙලා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන තමන්ට ලැබි අති අයිතිවාසිකම් ආරක්ශා කරගන්න ජනතාව සංවිදාන විය යුතුයි.

:       1       5

Vira Wednesday, 15 February 2023 02:59 PM

මාත් දෙමලනම් මේ වගේ තමයි කරන්නෙ

:       1       7

BamunuarachchiThursday, 16 February 2023 07:39 AM

Vira දෙමළෙක් එහෙනම් 2009 දීම තොලොන්චිවෙලා

:       0       1

kamal Wednesday, 15 February 2023 03:01 PM

අචර්ය න්.ම් පෙරෙරා මහත්තය අවුරුදුගනකට කලින් මෙක කිව්වම, බන්ඩාරනායකල මෙක විකුනම් කෑව.

:       1       4

Lal Wednesday, 15 February 2023 03:29 PM

ඒක සාධාරණයි

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site