(සමන් දිසානායක)
රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මලවත්ත මහතා ඉදිරියේදී විනාශ කරනු ලැබිණි.
ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී තලාකොළ වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී පරිප්පු හා සහල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ ඔස්සේ තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණයේදි තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී හා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේදී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තවත් පරිප්පු සහ සහල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබිණි.
රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව පාසල් දරුවන්ට ආහාර සකස් කිරීමට ලබාදී තිබූ පරිප්පු සහ සහල් වල දිලීර , සත්ව කොටස් සහ පිළිකාකාරක කොටස් අඩංගු බැවින් ඒවා මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා එම භාණ්ඩ විනාශ කිරීමට අධිකරණ නියෝගය ලැබීණි.
තලාව ප්‍රාදේශි සභා ඔරුගලයාය කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉදිරියේදී එම සහල් සහ පරිප්පු කාබනික පොහොර සකස් කිරීම සඳහා කසල සමග මිශ්‍රකර විනාශ කරනු ලැබිණි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිසුන්ට කන්න ගෙනා සහල්- පරිප්පු නරක් වෙලා
Niranga Wednesday, 04 December 2024 02:10 PM
සත්ව ආහාර වලට ගත්තානම් හොඳයිනේ