
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වීමෙන් අනතුරු ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමියන් බැහැදුටුවේය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන දේශපාලන තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ව මහා නා හිමිවරු දැනුවත් කළ අතර, මහනුවර ජාතික රෝහලේ අතරමඟ නවතා දමා තිබූ ඉදිකිරීම් ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටළු රැසක් අවම කිරීමට ක්‍රමවත් ව කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.

2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
අරවින්ද මොණරවිල Wednesday, 16 April 2025 07:21 PM
අටපිරිකර අරගෙන පන්සල් ගානේ ගිහිල්ලා හරියන්නේ නැහැ හලෝ, රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවතිනවා. ඒකට වහාම පිළියම් යොදන්න..
ගුණරත්න Wednesday, 16 April 2025 08:56 PM
ඇමැතිතුමෝ ඉසිපිරිතාලේ බෙහෙත් නෑලු. රනිල්ට බැනලා එක විසඳන්න බැයිද?
කීර්ති සුමන Thursday, 17 April 2025 02:11 AM
සුව ඇමති කාඩිනල්ගෙන් හරි LTTE ඩයස්පෝරා උන්ගෙන් හරි ජූලී චුන්ගෙන් හරි පනිවිඩයක් අරන් වගේ...