
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධානතම ආදායම් එකතු කරන ආයතනයක් වන අතර, එහි කාර්යක්ෂමතාව සහ යහපාලනය සෘජු ලෙසම රාජ්‍ය ආදායම කෙරෙහි බලපෑම් ඇති කරයි.සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි අභියෝග සහ අරමුණු සාක්ෂාත් කර ගත හැකි නායකත්වයක් එකී දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුව ඇතැයි රජය පවසයි.
ඒ අනුවදැනට සුරා බදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම් ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමටත්, ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 11) වශයෙන් දැනට සේවය කරනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු. ඩී. එන්. ජයවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුරාබදු කොමසාරිස් පත් කරයි