
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සොරා ගත් යතුරු පැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි
එම සැකකරුවන් එලෙස සොරා ගෙන තිබු ගෙන තිබූ යතුරුපැදි දෙක සහ රුපියල් පනස් දහසක් පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය මෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 380ක් පොලිස් බාරයට ගෙන ඇත
සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ජි විජේරත්න මහතාගේ උපදෙස් මත බොරලැස්ගමුව නගරය ආසන්නයේ යොදා තිබූ මාර්ග බාධකය හරහා යතුරුපැදියකින් යාමට පැමිණි පුද්ගලයකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 5450, සොයා ගැනීමෙන් අනතුරුව යතුරු පැදියේ ලිපිලේඛන විමසා සිටීමේදී ඔහු සන්තකයේ ඒවා නොමැති වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මීට මාසයකට පමණ ඉහතදී තවත් පුද්ගලයකු සමග එක්ව පාදුක්ක හා ගල්කිස්ස පොලිස් වසම් වලින් යතුරුපැදි දෙකක් සොරාගෙන එම යතුරුපැදිවලින් ගොස් මහරගම පිළියන්දල හා මොරගහහේන ප්‍රදේශවල වෙළඳසැල් රැසක් බිඳ දේපළ සොරාගත් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි
වයස අවුරුදු 32 හා තිස් 241 අතර පසුවන පසුවන සැකකරුවන් දෙදෙනා බොරලස්ගමුව ග්‍රාම සංවර්ධන මාවත හා මහරගම ගොඩිගමුව පදිංචිකරුවන්ය
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරාගත් යතුරුපැදිවලින්ම ගොස් සොරකම් කළ 2 ක් මාට්ටු