IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

(අමිල චින්තක ගමගේ)

සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි. එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි.එමෙන්ම සම තුනීවීම ,ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි.

මේ නිසා ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

 



අදහස් (1)

සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

සෙනෙවිරත්න Saturday, 19 October 2024 01:35 PM

රසදිය කොහොමත් විෂයි, ඒක නිසා තමයි එදිනෙදා භාවිතා වන උණකටු උශ්ණත්වමාන වලට පවා සුදුසුම දියරය වන රසදිය ඉවත් කරලා මධ්‍යසාර යොදාගන්නේ. එවන් බියජනක දෙයක් ඇඟේ උලාගන්නවා කියන්නේ ඉතින් බඩුම තමයි. ප්‍රතිඵල තැපෑලෙන් ලැබෙයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site