IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට

( බී.ජී. චතුරංග )

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය  ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත්අඩංගුවට ගත් බව නොච්චියාගම  පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගල්වල පාර,  වල්පලගම, නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි   මහගමගේ රොහාන් කුමාර   නැමති 38 හැවිරිදි  පුද්ගලයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන්  අත්අඩංගුවට පත්ව ඇත්තේ මරණකරුගේ බිරිඳ වන   ගල්වල පාර, වල්පොල ගම නොචිචියාගම ලිපිනයේ පදිංචි 42 හැවිරිදි  කාන්තාවකි.

මරණකරු විසින්  අලුත්වැඩියා කෙරෙමින් තිබෙන තම නිවසට අවශ්‍ය  දැව සොයා ගැනීම සඳහා නිවසින් පිටව ගොස් සවස 6.30ට පමණ මත්පැන් පානය කර  යලි නිවසට පැමිණ අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව අත්අඩංගුවට ගත් බිරිඳ කල ප්‍රකාශවල සටහන් වෙයි .

සිය සැමියා  බීමත්ව අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේදී සැකකාර බිරිඳ එය පාලනය කිරීම සඳහා මරණකරුගේ  අත් වලින් කට වැසූ අවස්ථාවේදී මරණකරු බිරිඳට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය. 

අනතුරුව සැකකාරිය සිය සැමියාගේ කෑ ගසන ශබ්දය පාලනය කිරීම සඳහා දොරට දමා තිබූ රෙද්දක් ගෙන ඔහුගේ කට වැසීමට උත්සාහ කල අවස්ථාවේදී, එම දොර රෙද්ද ගෙලේ සිර කිරීම හේතුවෙන් මරණකරු සිහිසුන්ව බිම ඇද වැටී ඇති තිබෙන බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site