IMG-LOGO

සමගියේ හයකට සංවිධායක කම් එපා වේ

පක්ෂ නායකත්වය හා ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරුන් පස් දෙනකු එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාරදී ඇතැයි එම පක්ෂ අභ්‍යාන්තර කටයුතු ආරංචි මාර්ග කියයි.

මාතලේ රත්තොට ආසන ප්‍රධාන සංවිධායක හා එම පක්ෂයේ උප සභාපතිවරයකු වන හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ, දඹුල්ල ආසන ප්‍රධාන සංවිධායක නීතිඥ චම්පික විජේරත්න, සමගි ජන බලවේග හොරොව්පොතාන ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික මහතා, ගාල්ල ආසන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ ,නුවරඑළිය ස.ජ.බ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බණ්ඩාරවෙල ආසන සංවිධායක චමින්ද විජේසිරි යන මහත්වරු මෙලෙස සිය අස්විමේ ලිපිය පක්ෂ නායකත්වයට සහ මහලේකම්වරයා යවා ඇත.

මෙම ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් සංවිධායකවරුනට අමතරව මාතලේ ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද  ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණ ද පසුව එම තීරණය වෙනස් කරගෙන තිබේ.

මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානම හේතුවක් ලෙස ඔවුන් විසින් දන්වා ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි පක්ෂයට ලැබුණු ඡන්ද මත නියෝජිතයන් පත් කිරීමේදී තම හඬට ඇහුම්කන්නොදී පක්ෂයේ විවිධ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි මන්ත්‍රීවරුන් පත් කිරීමට කටයුතු කිරීම හා එම නියෝජිතයන් පත් කිරීම සඳහා පක්ෂය විසින් නම් කර තිබූ කමිටුව හා එක්කඟ වූ කරුණු පසුව වෙනස් කිරීම  බව ඉල්ලා අස්වීම් ලිපි භාරදුන් සංවිධායකවරු පවසති.

 



අදහස් (3)

සමගියේ හයකට සංවිධායක කම් එපා වේ

AD Sunday, 25 May 2025 06:53 PM

නායකයා කවුරුන් වුවද පවතින ගැටළුවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් ඔහු අසමත් නායකයකු වනවා සේම නායකයා සමග පැමිණෙන හෝ එක්වන අන් සියළු දෙනා හටද නිදසුන් තිබිය යුතුවේ...

:       0       4

kamal Koyrala Sunday, 25 May 2025 07:37 PM

අවලංගු කාසිනේ මේ...

:       0       6

පොඩිඑකා Sunday, 25 May 2025 08:21 PM

ඉස්සර වගේ නං පාලක පක්ෂෙට පනින්න තිබුණා, දැං එහෙමත් බෑනේ අප්පා. සෙට් වෙන්න වෙන්නේ තවත් ලොසෙකුටම තමයි...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 103 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site