IMG-LOGO

සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට බලපා තිබෙන දරුණු තුවාලය සුව කිරීම සඳහා ජනපතිට අසීරු තීරණ ගැනීමට සිදු වුවත් සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ටිකෙන් ටික බඩු මිල අඩු කරමින් යන අතර විදුලි බිල ද ඉදිරියේ දී අඩු කිරීමට හැකි වනු ඇතැයි විජයවර්ධන මහතා කීය.

මොනරාගල දිස්ත්‍රික්කයේ එජාප පාක්ෂික හමුවකට සහ පළාත් පාලන අපේක්ෂක හමුවකට සහභාගී වෙමින් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මොණරාගල ෂන්ෂයින් හෝටලයේ පැවැති මෙම හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා:- රට අරාජික වූ වෙලාවෙි බාර ගෙන කරන්නැයි විපක්ෂය කණ්ඩායම් වලට කතා කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කළා. නමුත් හැම කෙනෙක්ම ඒ වගකීම ගැනීම මගහැරියා. අවසානයේ මේ රට බාර ගන්න කතා කළාම කිසිදු චකිතයකින් තොරව බාරගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විතරයි. ඔහු ඒ වෙලාවේ දේශපාලනය ගැන හිතුවේ නැතිව ජනතාව ගැන හිතලා ඔහුගේ දැක්මට අනුව මේ රට ඉදිරියට ගෙනියන්න ඉදිරිපත් වුණා.

එතකොට විපක්ෂයේ අය මොකද්ද කිව්වේ. ඔන්න ආණ්ඩුවත් එක්ක ඩීල් දානවා යැයි චෝදනා කළා.

එතුමා රට බාර ගෙන හැම තැනම තිබුණු පෝලිම් නැති කළා.විදුලිය නිසි පරිදි ලබා දී තෙල් නිසි පරිදි ක්‍රමවත්ව ලබාදී ගොවීන්ට අවශ්‍ය පොහොර ටිකත් ලබා දුන්නා. පෝලිම් වල මිනිස්සු මැරෙන එක නතර කළා.මාස දෙකක් ඇතුලත යම් ක්‍රමාණුකූල තත්ත්වයකට මේ රට රැගෙන ආවා.

 



අදහස් (11)

සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන

Perera Sunday, 26 February 2023 02:55 PM

පක්ෂ, පාට භේදයකින් තොරව ලංකාවේ දේශපාලකයින් කියන කිසිම කතාවක් විශ්වාස කරන්නවත් එපා... ඔය ඔක්කොම අවස්ථාවාදී පාහරයෝ... ලංකාව ගොඩදාන්න ඔය දැන් ඉන්න කාටවත් බැහැ.. එකම විසඳුම රටින් පිටවීමයි.

:       0       0

de silva Sunday, 26 February 2023 03:09 PM

ප්‍රශ්නයකට තිබෙන්නේ මේ යන විදිහට සැප්තැම්බර් වෙනකන් ඔබලා බලයේ ඉඳීවිද කියන එක...?

:       1       20

විජිත් Sunday, 26 February 2023 03:18 PM

ශ්‍රී ලංකාවට තිබෙන දරුණුම තුවාලය තමයි රනිල් වික්‍රමසිංහ... ඒ තුවාලයට ඔයා බෙහෙත් හොයන්න එපා... ළඟදීම අපි මහපාරේදීම එයාට බෙහෙත් දෙනවා. අර ගඩාෆිට දුන්නු බෙහෙත... !!!

:       5       35

pakeer Sunday, 26 February 2023 03:27 PM

ආයෙත් ඔය මෝඩකතා කියන්න එපා... ඔයාලට ආයේ මේ ලෝකය පවතින තුරු සහන දෙන්නත් බැහැ... ගොඩ එන්නත් බැහැ. අපි දැන් තත්වය දන්නවා. බොරු නොකියා ඉන්න... පුළුවන් නම් වීසා හදලා දෙන්න මෙහෙන් යන එක විතරයි. ඔයාලාට කරන්න පුළුවන් කරනවා නම්...

:       3       32

Rohana Sunday, 26 February 2023 03:41 PM

නිකම් මේ බොරු අනාවැකි නොකියා ඉන්න...

:       2       29

sanjeewa Sunday, 26 February 2023 03:50 PM

මාමාත් සමග අස්වෙලා ගෙදර යන්න... ඒක ලොකු සහනයක්...

:       2       25

Jagath Sunday, 26 February 2023 04:02 PM

රනිල් කියන කෙනාට පුළුවන්ද මේ රටේ ආර්ථිකය හදන්න. ඔබලා ඔක්කොම එකයි..

:       3       27

fairoos Sunday, 26 February 2023 04:47 PM

රනිල් රාජපක්ෂලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       2       22

විපරමා Sunday, 26 February 2023 04:52 PM

පින් ජනපතියා කොහොමද එහෙම කරන්නේ? සහන දෙන්න නම් දූෂිත රාජපක්ෂලා, දූෂිත දේශපාලුවන් හොරාකාපුවා අයකරගන්න ඕනේ... එයා කරන්නේ ඔවුන්ව රකින එක...

:       2       23

Wimal Monday, 27 February 2023 05:09 AM

පක්ෂයේ නායකත්වය වෙනස් කරනවා ප්‍රතිසංවිධානය කරනවා කියලා ඔබතුමාව රැවැට්ටුවා මතකද? ඔබතුමාලාටත් සහනයක් නැතිව අපිට කෝමද සහන දෙන්නේ? සිත නිවන කතා...

:       0       0

LGPJ Monday, 27 February 2023 06:27 AM

මේ ලබන වසරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site