
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
සනත් නිශාන්ත මහතාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් එහි ගොස් එම බංගලාව රජයට බාරගෙන ඇත.
සනත් නිශාන්ත මහතා පසුගිය ජනවාරි මස 25 වැනිදා හදිසි අනතුරකින් මිය යෑමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට හිටපු රජය අවස්ථාව සලසා දී තිබිණ.
නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු අමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසයද රජයට ගැනීමට කටයුතු කෙරිණ.
මෙම බංගලාව බාරදීමත් සමඟ හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සනත්ගේ බංගලාව බාරදෙයි
විදුර Wednesday, 13 November 2024 07:33 AM
දේශපාලන පුවත් නැතුව පාලුයි වගේ, කමක් නෑ මේ විදිහට හොදා, හැම උදේම ගෘහ ආර්ථිකය ගැන පොඩි පුවතක් දාන්න. ගොඩක් වටිනවා.
අරවින්ද මොනරවිල Wednesday, 13 November 2024 09:28 AM
මිනිහා වගේම ගෑනිත්, බලහත්කාරයෙන් ඉන්න හිතන්න ඇති, මේක අර නාකි මහල්ලාගේ පිං ආණ්ඩුව නොවෙයි ගෑනියේ මේක ජාතික ජනබල වේගයේ ආණ්ඩූවයි.
m. saman perera Wednesday, 13 November 2024 09:30 AM
ඇය යන්න ගියා මැකිලා
don Wednesday, 13 November 2024 12:05 PM
කුලිය මාසෙට කීයද ?
H. S. Deen Thursday, 14 November 2024 11:48 AM
හොඳ නැද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස වලිනුත් සියලු දෙනා ඉවත් කරොත් (ඕකෙ ඉන්නවා අවුරුදු ගාණක් පළපැදියම් වෙච්චි හිඟන්නෝ ටිකක්)
Asoka Seneviratne Friday, 15 November 2024 12:36 AM
හරිම සතුටුයි... රට අනුරට බලය