IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුද්දන්ගේ හිත තල්වලට යයි

(සුජිත් හේවාජුලිගේ )

තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී තල් රා මොක්ටේල් ආකාරයට පිළියෙල කර ලබාදීම විශේෂත්වයක් බවද සඳහන් කළේය.

තල් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයට හඳුන්වාදීමේ ව්‍යාපාරික හමුවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් පසුගියදා සංවිධාන කෙරිණ. එංගලන්තයේ බෙදාහැරීම් නියෝජිත එස්.ජෙගන් මහතා තල් ආශ්‍රිත භාණ්ඩ ප්‍රවර්ධනය සහ එම භාණ්ඩ අගය එකතු කර විදේශීය වෙළෙඳ පොළට එක් කිරීම පිළිබඳව එම පිරිස මෙහිදී දැනුවත් කළ බව ක්‍රිෂාන්ත පතිරාජ මහතා කීවේය.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන, වෙළෙඳ ලේකම් සෝමසේන මහදිවුල්වැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

 



අදහස් (4)

සුද්දන්ගේ හිත තල්වලට යයි

Surasena Sunday, 12 February 2023 02:29 PM

රුසියානු යුද්ධය නිසා දැන් මැදපෙරදිග හුඟාක් නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙලා... ඒ නිසා තව ටික දවසකින් ඇවිත් මෙහේ පදිංචි වෙන්නත් පුළුවන්...!

:       0       5

elisaaSunday, 12 February 2023 06:20 PM

නුහුරු නුපුරුදු දේකුත් නෙවෙයිනේ...!

:       1       3

nimal Sunday, 12 February 2023 05:42 PM

ඇයි මේ ගැහැණුන්ව ‘‘රා එකතු කරන්න‘‘ ලෝකෙ වටේ යවන්නේ? අපේ රටේ ඉන්න කළු ගොරකයෝ මේගොල්ලන්ගේ සුදට වහවැටිලා රා ටික නොමිලේ හෝ දෙයි කියලද?

:       0       4

oba Monday, 13 February 2023 05:47 AM

රෝහල්වල බෙහෙත් නැති වෙලාවකට මහජන මුදල් නාස්තියක් විතරයි. අපට අපනයනය කිරීමට ප්‍රමාණවත් නැහැ. මිල සහ ගුණාත්මකභාවය අසමසමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site