(යොහාන් භාසුර)
සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරන බවත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් පොල් මිලදීගත හැකි බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සතොසට දිනකට පොල් ලක්‍ෂ 2 ක්
රුවන් Sunday, 08 December 2024 10:42 AM
මම ඉන්න ඇමරිකාවේ ෆ්ලොරීඩා වල අපේ ගෙදරත් පොල් ගස් දෙකක් තියෙනවා. ගොඩක් අය ගෙවතු අලංකරණයට පොල් ගස් හිටවනවා. ලංකාවේ අය හිටවන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති ගස්. මෙහේ පොල් වතුර වෙනම බොනවා. සුපර්මාකට් වල මාරම ජනප්‍රියයි.
Lalla Sunday, 08 December 2024 10:58 AM
දැනට පවතින කුරුමිනි වසංගතය රිලා දඬුලේන් ඉත්තෑ වසංගත පාලනය කිරීමට රජය මැදිහත් නොවුණොත් අනාගතේ පොල් කෑම අමතක කරන්න වෙනවා..
pj Sunday, 08 December 2024 11:08 AM
ඒ කියන්නේ සතොස ශාඛාවකට පොල් 455 ක්... මහාචාර්ය කට්ටලය හිතන්නේ මේ ඇති කියලද? මාසයකට පොල් හැට ලක්ෂයක් සපයන්න හැකියාව සතොස සතුද?
සෙනෙවිරත්න Sunday, 08 December 2024 12:30 PM
රජය සතුව තිබු වී ගබඩා වල් වැදීමට ඉඩහැර, රජය වී ඇටයක් මිලයට නොගෙන, එම වී මහ මෝල් හිමියන් අතට පත්කරීමට ඉඩ සැලසූ පැවැති රජයන් පත්කීරීමට ඡන්දය දුන් සීමිත පිරිසක් එම තත්වය දැන දැනම සහල් මිල ගැන රජයට දොස් තබයි. සාමාන්‍ය ජනයා තත්වය වටහාගෙන ඇත. පොල්වල තත්වයද එසේමය. රජයේ සතු සීමිත පොල් අස්වැන්න මෙසේ බෙදා හැරීම ප්‍රශංසා කටයුතුයි. කෙනෙකුට මෙය පෝලිම් ලෙස සිනාසිය හැකි නමුත් ඔවුන්ගේ හිටපු පාලකයින් කළ අමන වැඩවල තවත් ප්‍රතිඵලයකි...
karolisSunday, 08 December 2024 02:43 PM
පොල් ලක්ෂ 2 ඇති වෙයි... මොකද සෙනෙවිරත්න ඇතුළු 69 ලක්ෂයක්ම කන්නේ තණකොළනේ...
pjSunday, 08 December 2024 03:03 PM
ලොක්කා කෘෂි ඇමැති කාලෙත් ඔය කියන ප්‍රධාන මෝල් හිමියා සමග තිබූ කිට්ටු සම්බන්ධය රහසක් නොවේ...
pjMonday, 09 December 2024 04:07 AM
පෙර පැවැති රජයන්ගේ ක්‍රියාවන්ට වඩා පවතින රජයේ නොහැකියාව ඉස්මතු වී තිබෙන්නේ 2/3 බලයක් තිබිලත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති හෙයිනි. වී ගැන හොයන්න තිබුණු කාලය වී8 ගැන හොයන්න යෙදවූ විට ලැබෙන ප්‍රතිඵල තමයි මේ. උදාහරන ඕනෑතරම්... මහජන සේවාව කයිවාරු තරම් පහසු නැත.
Tasi Sunday, 08 December 2024 02:53 PM
ඉස්සර නම් මේ වගේ දේවල් වලට උපදෙස් ගන්න හිටිය සියල්ල දත් සහෝදරවරු ටිකක්...
සෙනෙවිරත්න Sunday, 08 December 2024 03:17 PM
අපි රටින් පොල් ගෙන්වමු නේද? ප්‍රමාණවත් නැත්නම් වෙන මොනවා කරන්නද?