(විමුක්ති එස් රුද්‍රිගු)
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි.
මෙම සේවකයන් කප්පාදුව 2023 වසරෙන් පසුව මයික්‍රෝසොෆ්ට් සමාගම සිදුකළ විශාලතම රැකියා කප්පාදුව වන අතර එය ප්‍රතිශතයක් ලෙස මයික්‍රෝසොෆ්ට් සේවය කරන මුළු සේවකයන්ගෙන් සියයට 3 කි. මෙම රැකියා කප්පාදුව ගෝලීයව සිදුවන බවත් මයික්‍රෝසොෆ්ට් මූලස්ථානයට සම්බන්ධ සේවකයන් 1985 කගේ රැකියා මෙම කප්පාදුව හේතුවෙන් අහිමිවනු ඇති බවත් පැවැසෙයි.
රැකියා අහිමිවන පිරිස අතර සිටින වැඩිමපිරිස මෘදුකාංග ඉංජිනේරුවන් සහ නිෂ්පාදන කළමණාකරුවන් බවද සඳහන් වේ. මෙම රැකියා කප්පාදුවේ ප්‍රධාන අරමුණ වී මයික්‍රොසොෆ්ට් සමාගමේ සිටින කළමණාකරුවන් පිරිස අඩුකිරීම වුවත් සෑම මට්ටමක සේවකයන් මෙම රැකියා කප්පාදුවට හසුවනු ඇති බවද පැවැසෙයි. සේවකයන් ඉවත්කිරීමේ නිවේදනය ඊයේ (13) එම සමාගම තම සේවකයන් වෙත ලබාදී ඇත.
ආදායම් පුරෝකතන අභිබවා යමින් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම වසරේ පළමු මාස 3 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25.8 දළ ආදායමක් ඉපැයූ අතර ඒ හේතුවෙන් පසුගිය අප්‍රේල් මස අවසානයේදී එම සමාගමේ ආදායම් ඉලක්ක පුරෝකතන ඉහළ දැමීමට ආර්ථික විද්‍යාඥයෝ කටයුතු කළහ.
ලාබලබමින් සිටින මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම රැකියා කප්පාදුව සිදුකරන්නේ බාධාවකින් තොරව කෘතීම බුද්ධිය වෙත අවධානය යොමු කිරීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ සමාගමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් රැකියා කප්පාදුව කරන බවයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
don Wednesday, 14 May 2025 06:41 PM
තව ඉස්සරහට රොබෝවරු හැම තැනම වැඩ කරයි. මිනිස්සු කන්න බොන්න සල්ලි නැතිව රස්සාවල් නැතිව ගල්වෙලා හිටීවි.