IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)


ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය.

ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම 30 වැනිදින උදෑසන දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන ජාතිකයන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් කටාර් රාජ්‍ය පැවැසුවේය.

තවාකාලික සටන් විරාම ගිවිසුමේ හතරවෙනි දිනයේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් 9 දෙනකු සහ ළමයින් දෙදෙනෙකු නිදහස් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පැවැසුවේය.එසේම එම ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත් අඩංගුවේ පසුවූ පලස්තීන ජාතිකයන් 33 දෙනකු ඊශ්‍රායලය නිදහස් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.එම පලස්තීන ජාතිකයන් 33 දෙනාගෙන් 30 දෙනකු ළමුන් බවත් 3 දෙනකු කාන්තාවන් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දින 4 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 150 දෙනෙක් නිදහස ලබා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

 

 



අදහස් (0)

සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 12 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 22 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 75 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 83 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට
2025 මැයි මස 11 233 0

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ


ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 512 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 966 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1426 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site