
(රේඛා තරංගනී ෆොන්සේකා)
ඉහළ ගිය තෙල් මිල බඩු මිල පහළ දමන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එජාප නාගරික මන්ත්‍රිවරු මොරටුව මහ නගර සභාව ඉදිරිපිට අද(30) උද්ඝෝෂණයක නිරත වුහ.
විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයේ නිරත වූයේ ජුනි මාසය සඳහා වු මොරටුව මහ නගර සභා මාසික සභාවාරය නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු අවස්ථාවේදීය.
සමගි ජන බලවේගය එජාප මන්ත්‍රී කණ්ඩායම එක්ව විරෝධතාවයකුත්,ජවිපේ තවත් උද්ඝෝෂණය කුත් එහිදී පැවැත්වුහ.
එජාප සමගි ජන බලවේග නාගරික මන්ත්‍රි කණ්ඩායම සටන් පාඨ කියමින් මොරටුව කුරැස හන්දියේ සිට පා ගමනින් මොරටු මහ සභාවට පැමිණියහ.
එහිදි සමගි ජන බලවේග කණ්ඩායම් නායක සේනක දමයන්ත මහතා දිනෙන් දින ඉහළ යන බඩු මිල ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් නගරාධිපතිවරයා දිගින් දිගටම මොරටු ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන ඇතැම් ක්‍රියා හෙළා දකින බවද එහිදී වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මොරටුව මහ නගර සභාව ඉදිරිපිට ජවිපෙ නාගරික මන්ත්‍රී කණ්ඩායම ද උද්ඝෝෂණය නිරත වුණු අතර නරහිදී ජවිපෙ කණ්ඩායම් නායක වන නිශාන්ත ප්‍රදිනාන්දු මහතාද මාධ්‍යවෙත අදහස් දැක්විය.




2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සජබ සහ ජවිපෙ මොරටුවේ උද්ඝෝෂණයක්