IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.

සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.

මෙම අනීතික ක්‍රියා දාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මහත්මිය පැවසුවාය.

ඡායාරූප : ලහිරු හර්ෂණ



අදහස් (3)

සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Mahasen Friday, 24 February 2023 08:39 PM

එයාලගෙ රාජකාරි කටයුතු තියෙන්නෙ කාර්යාලය ඇතුලෙ ද, උද්ගෝශනය අස්සෙද. හොර යක්කු..

:       0       2

swene Friday, 24 February 2023 09:15 PM

කවුරුවත් කිව්වාට මේ අප්පච්චි පුතාලාට දඬුවම් දෙන්නේ නැහැ...

:       3       1

මොට්ටපාල Saturday, 25 February 2023 08:37 AM

රෝහිණී කුමාරිගේ ක්‍රියාවෙන් පේන්නෙ නම් සජබෙට කිසිමදාක බලයක් ලැබෙන්නේ නැහැ කියලා මොකද එන්ජීඕ කාක්කො මොන ආණ්ඩුව ආවත් මොන මගඩියක් හරි කරලා විනාශයක් කරනවාමයි ඉතින් රෝහිණී නුඹලා දැන් ඔහොම කලා කියමුකෝ එකැස් කැස්බෑවා (කන කැස්බෑවා ) විය සිදුරෙන් අහස බලනවා වගේ බැරිවෙලා හරි සජබ ආණ්ඩුව පිහිටෙව්වොත් ස්ටාලියාගේ එවුන් නුඹලාට කරන්නෙත් ඔය ටිකමයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site