(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙනු ලබන කිලෝ ග්‍රෑම් 50 බැගින් අඩංගු පොහොර මිටි 169 ක් කදිරවේලි හා වාකරේ ප්‍රදේශ වල නිවෙස් දෙකක සඟවා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අද (5) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුර කියයි
පෙරේදා 4 වැනි දින රජයේ සහනාධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම පොහොර වී වගාව සඳහා ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු කර තිබිණි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වයස අවුරුදු 32 සහ 53 අතර පසුවන සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වාකරේ පොලිසිය වෙත භාර දී ඇත
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත වාකරේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක බි උ යු එස් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළහ
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සඟවා තිබූ පොහොර මිටි 169 ක් වාකරෙන් සොයාගනී