IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නඩු ඇසීමේ ක‍්‍රමයක්

(නිමන්ති රණසිංහ)

කොරෝනා වයිරසයෙන් බන්ධනාගාර ගත රැඳවියන් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නඩු ඇසීමේ ක‍්‍රමවේදයක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමඟ එක්ව කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් හා නිති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ‘‘ටෙලි ප‍්‍රිසෙන්ස් ෆෝ කේ’’ නමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කි‍්‍රයාත්මක කෙරෙන මෙම ක‍්‍රමයේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් මුලින්ම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය කේන්ද්‍ර කොටගෙන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ ක්ෂ්‍රේත්‍රය, නිතීඥ සංගම් ඇතුලූ පිරිසක් සමඟ අධිකරණ මානව හිමිකම් හා නිති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

    ‘‘මෙම ක‍්‍රමය මුල් අදියර වශයෙන් නියමු ව්‍යාප්තිය සිදුකළාට පසු කොළඹ දිස්ති‍්‍රක්කයේ සෙසු අධිකරණවලට ද ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම, කොරෝනා වයිරසය බන්ධනාගාර තුළට පැතිරීම වැළැක්වීම සඳහා අමාත්‍යාංශය මගින් පියවර කිහිපයක් අරගෙන තිබෙනවා. ඉන් එක් පියවර වශයෙන්, බන්ධනාගාර තුළට රැදවියන් ඇතුළත් කිරීමට පෙර විශේෂ වූ ස්ථාන හතරක ඔවුන් රඳවා තබා ඔවුන්ට කොරෝනා වයිසරය වැලදී ඇත්දැයි පරීක්ෂා කර බලා බන්ධනාගාරය තුළට ගැනීම.

කෙසේ වෙතත් කොළඹ දිස්ති‍්‍රක්කයේ සැකකරුවන් වශයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු රැදවියන් දිනකට 400ක් පමණ සිටිනවා. මොවුන් අධිකරණ වෙත ගෙන ගොස් නැවත බන්ධනාගාරය තුළට රැගෙන ඒමේදී ගැටලූ ඇතිවිය හැකියි. මොවුන් යම් හෙයකින් ආසාදිතයකු හා ගැටුනොත් බන්ධනාගාරය තුළට වයිරසය ආසාදනය විය හැකියි.

ඒ හේතුවේ මෙම නවීන තාක්ෂණය ඔස්සේ නඩු අසන ක‍්‍රමය යොදා ගැනීමට සාකච්ඡා වුණා. මේ සඳහා ස්කයිප් තාක්ෂණය යොදා ගත්තත්, එය සාර්ථක ක‍්‍රමයක් වුණේ නැහැ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් කි‍්‍රයාත්මක කෙරෙන මෙම ක‍්‍රමය ඔස්සේ සැකකරුවන්ට විනිසුරුවරුන් සමඟ සම්බන්ධ වීම මෙන්ම නිතීඥවරුන්ටද සම්බන්ධ වීම ආදිය සිදුකළ හැකි වෙනවා.

මෙම ක‍්‍රමය දියුණු රටවල භාවිත වන ක‍්‍රමයක්. ලංකාවේ නිතිය පසිඳලීමේ ක‍්‍රමවේදයට මෙම දියුණු ක‍්‍රමය ඉදිරි මාස දෙක ඇතුළත යොදා ගැනීම සඳහා අවශ්‍ය පියරව වශයෙන් මෙයට කැබිනට් අනුමැතිය ලබාගෙන අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.‘‘



අදහස් (1)

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නඩු ඇසීමේ ක‍්‍රමයක්

s.h dishanthrasilva Thursday, 30 April 2020 10:49 AM

7 මාසේ ලෝක විනාශයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site