IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා

(ඉන්දිකා රාමනායක)

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙකි.

අම්පාර ප්‍රදේශයේ පසුගිය වසරේ ජුලි 30 වැනිදා පැවැති සැණකෙළියක් අතරතුරදී සැණකෙළි භූමියේදී ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම පුද්ගලායගේ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිසිය භාරයට ගත් ජංගම දුරකතනය ඉහත සැකකාර කොස්තාපල් වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බව ද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ජංගම දුරකතන හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

 



අදහස් (1)

සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා

NAMAL Monday, 19 February 2024 09:46 AM

හොර පොලිසිය මෙවැනි පොලිසියකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site