IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සාක්කිකරුවන්ට බලපෑම් කළ පුද්ගලයකු අල්ලන්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පැල්මඩුල්ල පොලිසියේ කොස්තාපල්වරයකුට එරෙහි අල්ලස් නඩුව සමාදාන කරගන්නා ලෙස එහි සාක්කිකරුවන්ට මහරගම පොලිසියේ නිලධාරියකු බව කියමින් බලපෑම් කළ පුද්ගලයා පිළිබඳව වහාම සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අල්ලස් කොමිසමට අද (09) නියම කළේය.
 
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙස විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට තරයේ අවවාද කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බව හෙළිවුවහොත් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයේ රඳවා තබන බව දැනුම් දුන්නේය.
 
රථවාහන වරදක් කළ තී‍්‍රරෝද රථ රියදුරෙකුගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා ලබාගැනීමට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2017 ජුලි මස 29 වැනිදාත් 2017 අගොස්තු මස පළමු වැනිදාත්  අතර කාලයේ පැල්මඩුල්ලේදී රථවාහන වරදක් කළ තිලක් ලෙස්ලි කුමාර නමැත්තාගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා ඔහුගෙන් රුපියල් 6,000 අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් කොමසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
අල්ලස් කොමසම විසින් මෙලෙස නඩු පවරන ලද්දේ පැල්මඩුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් ජයන්ත සමරකෝන් විජේසිංහ නමැත්තාට එරෙහිවය.
 
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කිකරුවන්ට පොලිසියේ නිලධාරියකු බව කියාගන්නා පුද්ගලයකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි දැනුම් දුන්නාය.
 
ඒ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කිකරුවන් වන තිලක් ලෙස්ලි කුමාර නමැත්තා සහ තවත් පුද්ගලයකු වෙන වෙනම අධිකරණය හමුවට කැඳවනු ලැබු විනිසුරුවරයා සිදුවුයේ කුමක්දැයි වෙන වෙනම ප‍්‍රශ්න කළේය.
 
එම ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් ඔවුන් මහරගම පොලිසියේ බව කියාගත් මහත්තයෙකු පෙර දිනයක සිය නිවසට පැමිණ මෙම නඩුව සමාදාන කරගන්නා ලෙස දැනුම් දුන් බවත් ඔහුගේ නම කුමක්දැයි තමන් අසා දැනනොගත් බවත් පැවසුහ.



අදහස් (0)

සාක්කිකරුවන්ට බලපෑම් කළ පුද්ගලයකු අල්ලන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site