(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බවත් පියුම් බණ්ඩාර මහත්මිය කීවාය.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 4,497,122 ක් විදේශ ගමන් බලපත්‍ර හිමියන් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10ක් රට හැර ගිහිල්ලා
Rohana Wednesday, 14 September 2022 03:33 PM
ලාංකිකයින් රට හැරයන්නේ රටේ ජීවත්වීම වදයක් වී ඇති නිසයි. මේ තත්වයට රටේ පාලකයින් වගකිව යුතුයි. හම්බකරන ආදායමෙන් පවතින උද්ධමනයත් සමග මුහුණදීම අතිශයින් අමාරුයි. රැකියා නැත. කරන රැකියාවෙන් වුණත් එදිනෙදා අවශතාවන් සපුරාගැනීම තවතවත් අසීරුවී ඇත. තරුණයින් මෙසේ රැකියා සොයා විදෙස්ගත වීමෙන් අන්තිමට රටේ මහල්ලන් පමණක් ඉතිරිවනු ඇත.
කිරි පුතා Wednesday, 14 September 2022 04:12 PM
පසු කෙෝනා අවදියේ ලෝකයේ සෑම රටකටම ආර්ථික ගැටළු මතු විය. අපේ රට එය හරියට කළමනාකරණය කර ගත්තේ නැතුවා සේම අධික ලෙස පවතින හොරකම් සහ ගසා කෑම් නිසා රට බොහෝ අපහසුතාවයට පත්විය. ඒ කෙසේ වෙතත් මව්බිම යනු මව්බිම ය. වෙනත් කිසිම රටක් අපව මල් දී සිපගෙන පිලිගන්නේ නැත. වෙනත් රටක රැකියාවක් කර රටට මුදල් එවා පසුව තම මව්බිම ට පැමිණිම රට හැර ගියා සේ සැලකිය නොහැක.
sugathWednesday, 14 September 2022 04:52 PM
මේ රටින් යන එකෙක් අප්‍රිකාවේ රටක හරි ජීවත්වෙන්ට පුළුවන් නම්, ආයෙමත් මේ රටට එන්නේ නැහැ.
nima Wednesday, 14 September 2022 04:37 PM
පාලකයිනි, ඔබගේ අදහස් දැනගන්නට කැමැත්තෙමි.
Kumara Wednesday, 14 September 2022 05:45 PM
රාජපක්ෂ වහල්ලු ටික විතරක් ඉතුරු වුණොත් ඇති...
Mo77 Wednesday, 14 September 2022 07:38 PM
නිකුත් කළ පාස්පෝට් සංඛ්‍යාවේ දත්ත වුණත් නිවැරැදි බවෙන් අඩුයි. ඒකෙන් කියැවෙන්නේ අලුතෙන්ම හෝ කරපු පාස්පෝට් ගාන ඔය කියන සංඛ්‍යාව කියලා. ඔයා කියන විදේශගත වූවා යැයි කියන සංඛ්‍යාවෙන් ප්‍රයෝජනවත් බව අඩුයි. මෙම සංඛ්‍යාවේ කියැවෙන්නේ නෑ රට තුළට පැමිණ නැවත විදේශගත වූවන්ගේ සංඛ්‍යාව කීයද කියලා. රාජ්‍ය ආයතනවල දත්ත විශ්ලේෂණය දත්ත එක්රැස් කිරීම ගැන අපිට හිතාගන්න පුළුවන්. දත්ත කියන්නේ ඉතාමත් වැදගත් මූලාශ්‍රයක්... එය කළමනාකරණයට සහ පුරෝකථන සඳහා ඉතාමත් ප්‍රයෝජනවත්...
Lalith M Thursday, 15 September 2022 10:12 AM
වැදගත්ම දේ ලැබෙන පණිවුඩය. ජනතාව රට හැර යන්නේ ඇයි. කලකිරීම, ප්රමාණවත් ආදායම නැතිකම, විරැකියාව... සහ සුලු වශයෙන් වෙනත් හේතු.. විවාහ වැනි දේ.