IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා 'ලංකාදීප'යට අද (6) පෙරවරුවේ පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු පළමුවෙන්ම පොලිස් භාරයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයට ලක්ව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටී ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවකදී හඳුනාගත් තරුණියක් සමග ඇයගේ නිවසට ගොස් ඇති බවත් ඔහු එහිදී තරුණිය සමඟ ගතකර නැවත පිටව ගොස් ඇති බවත් පැවසේ.

ඔහු පසුව ඇයගේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය සිඩ්නි පොලිසියට ධනුෂ්ක ඇයව දූෂණය කළ බවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සිඩ්නි පොලිසිය ඊයේ (5) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඕස්ට්‍රේලියාවේ ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සඳහන් වේ.

සිඩ්නි පොලිසිය මේ වන විට ධනුෂ්කගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් අදාල තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් ‍ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු සඳහන් කළේය.

එම කටයුතු වලින් පසුව ධනුෂ්ක ගුණතිලක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තහනමකට ලක්විය.

ධනුෂ්ක ගුණතිලක මීට පෙරද විනය චෝදනා රැසක් එල්ල වූ ක්‍රීඩකයෙකි.

 

-------------------------------------------------------

7.24

20 විස්ස ලෝක කුසලානය සහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සිඩ්නි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

ලෝක කුසලානයට සහභාගී වී සිටි මෙම ක්‍රීඩකයා අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් වූවත් දිගටම සංචිතයේ රැඳී සිටියේය.

කාන්තාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික චෝදනාවක් සිදු කිරීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට සිදු වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් ක්‍රීඩකයා නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වන්ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

 



අදහස් (16)

ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

Bamunuarachchi Sunday, 06 November 2022 07:42 AM

තමන්ට ඕන වැඩේ කරගන්න බැරි උනාමත් ගැහැනු අනික් අතට ඔය චෝදනාව කරනවා.

:       65       8

NimalSunday, 06 November 2022 09:32 PM

සමහර රටවල මෙන් ඕස්ට්‍රේලියාවේ පොලිසිය හෝ අදිකරණ ඇමති හෝ ක්‍රීඩා ඇමති පොලිසියට කතාකර ධනුෂ්ක ගුණතිලකට තරුණියකගෙන් ලිංගික අතවර වූ බවට චෝදනා වෙනස් කරගැනීමට හෝ වරද කරුවූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට උත්සහ කර නැත. ධනුෂ්ක ගුණතිලක මෙන්ම ක්‍රීඩා පරිපාලනයද වගකීම් පැහැර හැරීමක් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබදව ගැටළු සහගතවේ .

:       0       4

Buddika Sunday, 06 November 2022 08:14 AM

මේ මනුස්සයගෙ මීට පෙරත් බරපතළ විනය ප්‍රශ්න තිබ්බ සහ දඬුවම් කළා. ඒත් හැදිලා නෑ කියන්නේ ලයිෆ් ටයිම් අයින් කරලා දාන්න ඕනි. රටේ නම ගෞරවය විනාශකරන කාළකන්නියෙක්. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ කීර්තියටත් මේක ප්‍රශ්නයක්. දැඩි දඬුවම් දීලා වත් කළ යුතුයි.

:       2       75

රාජපක්ෂ විතාන සිඩ්නි Sunday, 06 November 2022 08:30 AM

ඔහේ මකබෑවිලා ගියාදෙන්. ගිය තැන රටට නින්දාවක්.

:       1       60

ධම්මික ප(ර්)ත් Sunday, 06 November 2022 11:06 AM

කියලා වැඩක් නෑ ඒ ගැන නම්. ගිය තැන විනාසයි....

:       0       12

යෝගා Sunday, 06 November 2022 09:19 AM

මෙයා විතරක් නෙමෙයි අනිත් අයත් තරගාවලිය අතරතුරදී පාන්දර යාමේ වෙනකම් පාටිවල ජොලි දැම්මා කියලා ආරංචියි. ගිය වැඩේ හැර අනික් හැම වැඩේම එහෙදි කරලා වගේ.

:       1       61

Roshan Sunday, 06 November 2022 10:45 AM

ගියවැඩේ හරියටම, හොඳටම කරලා...

:       0       7

Perera Sunday, 06 November 2022 01:11 PM

OIC ට ගතමනාවක් දෙන්න බැලුවේ නැද්ද?

:       0       7

Praba Sunday, 06 November 2022 01:24 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවුලක් නැතිවුණාට පිටරටවල විෂයක් හා නීතියක් තියෙනවා...

:       0       16

Sisira Sunday, 06 November 2022 01:32 PM

ආබාධ වුණු ක්‍රීඩකයා එහි රඳවා ගැනීම වරදක් නොවන්නේද?

:       0       12

Prabha Sunday, 06 November 2022 02:25 PM

ලංකාවෙ වගේ පොලිසිය අල්ලගෙන බේරෙන්න බැරිවෙයි...

:       0       9

Rexi Sunday, 06 November 2022 03:33 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔක්කොම දන්නවා වගේ. ෆෝන් ඒකට ආන්සර් ‌කළේ නැති හින්දා කම්ප්ලේන් කරලලු. අර‌ වොඩ්කා බෝතලේ වතුර දාලා වගේ කතා කියන්න කවදද ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකත් පුරුදු වුණේ. බොරු බයිලා ඒපා. අපට රට වෙනුවෙන් මේ වගේ ක්‍රීඩකයෝ අවශ්‍ය නැහැ. පැරදුනත් විනය විරෝධී වැඩ කරන උන් දාලා රට ලැජ්ජාවටපත් කරනවට වැඩිය වටිනව වැදගත් අය දාලා පරදින ඒක.

:       0       17

Kumar (Gulf) Monday, 07 November 2022 12:39 AM

Let this STUD BULL stay in Australian jail for life.

:       0       1

විජේ Monday, 07 November 2022 06:29 AM

ගුනතිලකෙ තියාගත්තෙ ඔය 'න'යන්න නැතුවම, නලලෙම.

:       0       0

Rohana Monday, 07 November 2022 10:30 AM

ක්‍රිකට් ගහන්න ගිය මිනිහා බ… ගහන්න ගිහින් වැඩේ වරද්දගත්තවත්ද ?

:       0       0

ගූතිළක Monday, 07 November 2022 02:44 PM

මූ හිතන්න ඇති 4 පාරක් ගහල මේ පාරත් ලෙස්සල එන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 56 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 395 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1595 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2682 4

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1108 4

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 502 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site