IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට සිදුවන මරණවලින් 34% ක් හෘදවාහිනී (හදවත්) රෝග හේතුවෙන් ද 14% ක් පිළිකා හේතුවෙන් ද 9% ක් දියවැඩියාව හේතුවෙන් ද 8% ක් නිදන්ගත ස්වසන රෝග හේතුවෙන් ද සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම රෝග හතර සාමූහිකව ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට දායක වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් අනෙකුත් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ ගණන 18% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඉහත සඳහන් කළ ප්‍රධාන බෝ නොවන රෝග හේතුවෙන් අවුරුදු 30ත් 70 ත් අතර අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වසර දෙකකට වරක් නිකුත් කරන වාර්තාවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වන වාර්ෂිකව වාර්තාව සහ ශ්‍රී ලංකාවේ රෝහල් සහ පාසල්වල ආහාර (ප්‍රති)සම්පාදනය සහ සැපයීම පිළිබඳ සමාලෝචනය (2019) යන වාර්තාවල එම කරුණු සඳහන් වේ.

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය, සීනි, ලුණු සහ මේදය ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, කායික ක්‍රියාකාරකම් අවම වීම යන කරුණු බෝ නෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමා ඇතැයි ද එම වාර්තා වේ දැක්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 399 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 465 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site