IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T - 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ.

මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T - 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

මෙම ටෙස්ට් තරග 02 ක , ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර සීමිත ඕවර් 50 තරග , ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය .

එසේම මෙම T - 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් සදහා ඉවහල් වන බව ද වාර්තා වේ .

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරයි. එක් දින සීමිත ඕවර් 50 තරග සහ T - 20 තරග සදහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යෑමට නියමිතය .

 



අදහස් (0)

ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site