(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී අද (25) පස්වරුවේ මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි ව සිටි අලවල ප්‍රාථමික විදුහලේ 1 වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 වන ජයකොඩි මොහොට්ටි අප්පුහාමිලාගේ තේජාන් දිනුවර නැමැති දරුවෙකි
මෙම දරුවා නිවස ඇතුලත සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුල තිබු ශීතකරණයේ පහල කොටස තුලට අත දැමීමේදී විදුලි සැර වැදී බිම වැටී සිටිනු දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව හෙළි වී ඇත.
සිද්ධිය පිළිබඳව අත්තනගල්ල පොලිස් ස්ථානයේ උ.පො.ප අමරසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටින අතර දරුවාගේ මරණයට සම්බන්ධ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද 26 වතුපිටිවල රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට