(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ලිඛිත අදහස් ඔක්ටෝබර් මස 18 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ඔක්ටෝබර් මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සමුළුවේදී ගන්නා බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
ලිඛිත යෝජනාවලට අදාල උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් වාචික මහජන උපදේශනයට සහභාගි වීමට 0718622800 දුරකථනයට අමතා ලියාපදිංචි වියයුතු බවත් සභාපතිවරයා කීය.
ලිඛිත යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, නො. 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට, 0112392641 ෆෑක්ස් අංකයට, www.pucsl.gov.lk වෙබ් අඩවියට, [email protected] විද්‍යුත් තැපෑලට හෝ www.facebook.com/pucsl ෆේස්බුක් පිටුවට හෝ යොමුකළ හැකි බවත් වැඩි තොරතුරු 0112392607-8 දුරකථනවලින් කාංචන සිරිවර්ධන මහතා ඇමතීමෙන් ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන අදහස් විමසයි
Nimal Friday, 29 September 2023 06:36 PM
බොරු වැඩ කරන්න එපා... කවුරුවත් ඕකට කැමැති වෙන්නේ නෑනේ. අනික අදහස් දුන්නා කියලා වැඩි නොකර ඉන්නෙත් නෑනේ..!
සනත් Friday, 29 September 2023 06:47 PM
ඔන්න මගේ එක...
Sk Friday, 29 September 2023 07:21 PM
අපි අකැමැතිනම් එයාලා වැඩි කරන්නේ නැද්ද? බොරු වැඩ...!
Nadadawa withanage sisira kumara Friday, 29 September 2023 07:22 PM
අපේ අදහස්වලට වැඩ කරනවද?
Gobba Haththa Friday, 29 September 2023 07:30 PM
මහජන අදහස්- අනේ ඔව් අනේ දාන්න උඩට. මේ මොනා කියනවාද?
සරත් කුමාර Friday, 29 September 2023 07:47 PM
මිනිස්සු "හා.. වැඩිකරන්නකෝ" කියයි කියලා හිතාගෙන අදහස් විමසන්නේ. අපි මොනවා කිව්වත් වෙන්නේ මේකයි කියලා කිව්වා නම් කාලෙත් ඉතුරුයි. ඔව්වාට යන වියදමත් ඉතුරුයි. වැඩේ නරකයි කියලා නෙවෙයි මම කියන්නේ. කළාට මේ රටේ වැඩක් නෑ.. මහජන මතයටම කන්දෙන ගොයියොනේ මෙහෙ ඉන්නේ.. ඒ ගැන මොකට කියනවාද?
සල්ලි Saturday, 30 September 2023 09:10 AM
ඕක මොලේ තියන කෙනෙක්ට බාර දියන්. ජිම් ගිහින් ඇඟ හදාගත්තු උන්ට ඕවා බෑ ඕයි...