(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සමාගම විදුලි මීටර නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව එම සමාගම නිපදවන බව ද සඳහන් කළේය.
මෙම වර්ෂයේ සිට එම සමාගම තම සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කරන බවත් එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
ඇන්ටි මීටර් සමුහයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ නිලධාරීන් සහ සමග ඉදිරි වැඩපිළිවෙල සහ නව නිෂ්පාදන හඳුවදීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් පසුව අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.
විදුලි මීටර් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ නව විදුලි සැපයුම් දීම ප්‍රමාද විය.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම්
සල්ලි Friday, 09 June 2023 08:13 PM
ඔබේ ප්‍රචාරණය අපූරුයි... අපි ඊළඟ වතාවේත් ඡන්දේ දෙන්නම්....
Bamunuarachchi Sunday, 11 June 2023 05:26 PM
අපනයන පම්පෝරිය ගහන්න කලින් රටට අවශ්‍ය විදුලිමනු හදාගන්න බලන්න...