(සුජිත් හේවාජුලිගේ)
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි. මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
ranjith Sunday, 21 April 2024 01:00 PM
මේ දේශපාලන විගඩම් නටාගන්න ඇරලා රට හදන්න පුළුවන් කණ්ඩායමකට ඡන්දෙ දෙන එක තමයි කරන්න තියෙන්නේ...
Prabha Sunday, 21 April 2024 01:19 PM
හිටන් මෙයා ජනාධිපති කරලා හිරේ යන එකෙන් බේරෙන්න උත්සාහය...
ඉන්දික Sunday, 21 April 2024 01:50 PM
ගෙඩිය පිටින්ම පක්‍ෂය රනිල් රාජපක්ෂලට විකුණලා වගේ. සද්දන්ත පක්ෂයකට කරපු විනාශයක්. පාස්කු නඩු වලින් බේරෙන්න මිනිස්සු මොන තරම් දේවල් කරනවාද?
fairoos Sunday, 21 April 2024 02:22 PM
ඩීල් දාසගේ තවත් ඩීල් එකක්...!
Kazi Shajahan Sunday, 21 April 2024 02:25 PM
එකෙක් මදිවට තවත් රාජපක්ෂ කෙනෙක් මැතිවරණයට එන්න වගේ හදන්නේ... මතකයිනේ රාජපක්ෂලාට කතිරය ගහලා වුණු වැඩේ..!
Kumara Sunday, 21 April 2024 02:51 PM
මේ ඔක්කොම විගඩම් තව මාස කීපයයි. ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනුවාම මේ හැමෝම දේශපාලනයෙන් අතුගෑවිලා යනවා.
සෙනෙවිරත්න Sunday, 21 April 2024 02:56 PM
මෙයා ඉන්න පක්ෂය රනිල්ගේ පක්ෂය නේද?
siri Sunday, 21 April 2024 03:25 PM
ආණ්ඩුවේ ඇමැතිලා කොට්ටාස දෙකක් SLFP එකේ කෑලි 2ට සෙට් වුණා... දන්න සෙට් දෙකම අලි පොහොට්ටු ආණ්ඩුවටම තව...!
subra Sunday, 21 April 2024 03:26 PM
පොළොන්නරුවේ පොළඟට එකතු වෙන්නේත් පොලොන්ගුම තමයි. හැබැයි මේ කපටින්ට තවත් රැවටෙන්න මේ රටේ කවුරුත් නැහැ..!
ඩීල්පාල Sunday, 21 April 2024 03:32 PM
මොවුන්ට නම් දෙන්න එපා බැසිල්ට දුන්නත්. කපටි රජු. කපටිකමේ උල්පත...!
ගංගානාත් Sunday, 21 April 2024 03:38 PM
මෙයාගේ හැටි, එයාගේ අදහස් පේනවා එයාලාගේ පසුගිය දවස්වල හැසිරීමෙන්. කාන්තා දූෂණ නීතියේ වයස පහළට ගේන්න හැදුවා. ආයේ අකුලා ගත්තා. මොවුන් කවුරුවත් රට ගැන, ජනතාව ගැන හිතන අය නොවෙයි. ලක් පොළොවේ පයගහලා ඉන්නේ ඔවුන් නෙමෙයි. කොහෙන්ද ඡන්ද එන්නේ? ඒ පැත්තට වාසි එන විදියට හරවනවා. රටට, ජනතාවට මොනවා වුනත් වගේ වගක් නෑ.
සෑම් Sunday, 21 April 2024 05:37 PM
විජේදාස රාජපක්ෂ තමයි 2015 යහපාලන ආණ්ඩු කාලේ රට බංකොළොත් කරපු හොර රාජපක්ෂ නඩය නඩු නොදා බේරගන්න වැඩ කලේ. අලුත් රජයක් යටතේ විජේදාස අත්අඩංගුවට ගෙන සියළු වත්කම් පරීක්ෂා කළ යුතුයි...!
පුරවැසියෙක් Monday, 22 April 2024 12:20 AM
හරියට හරි සෑම්. හොරාකාපු අයගේ ඔක්කෝම වත්කම් පරීක්ෂා කරන්න ඕනේ.. කවුරු ආවත් එන අයගේ වගකීමක් ඒක. රට වට්ටන්න උදව් කරපු හා ඒකට ගෑවුණු හැම කෙනෙක්ටම නිසි දඬුවම් දීමයි රටේ ජනතාවගේ පැතුම. නැවත එවැනි දේවල් මේ රටේ නොවෙන්න අමතක නොවෙන පාඩමක් ඔවුන් ඔක්කෝටම කියලා දෙන්න ඕනේ. ලේසියෙන් හම්බකරන්න තමයි දේශපාලනය කරන්නේ මැරීගෙන. රටත්, ජනතාවත් ගැන ඔවුන්ට වගේ වගක් නෑ...
Lalla Monday, 22 April 2024 07:55 AM
රාජපක්ෂ නම ලංකාවේ දේශපාලනයෙන් තුරන්කළ යුතුමයි. එතරම්ම අමිහිරි ජුගුප්සාජනක තත්ත්වයක් නිර්මාණය කළ පවුලක් සහ ඔවුන්ට ආධාර කල සහ තවමත් කරන අයවලුන් රටට කල සහ කරන හානිය නවත්තන්න වෙන විදියක් නෑ.
සෙනෙවිරත්න Monday, 22 April 2024 12:50 PM
පහුගිය දිනවල සම්මත කල සහ උත්සාහ කල සියලුම ජනතා විරෝධී පනත්වල නිර්මාතෘ මෙයා,සමහර ඒවට එරෙහිව සිරිසේනත් අත ඉස්සුවා,දැන් මේ හොඳ වෙලා තියෙන්නෙ රටට හෝ ජනතාවට යහපතට නොවේ, කොකොහොම වෙතත් 225 අතරේ භයානකම ඩීල් කාරයා තමයි මේ, ඊලඟ මැතිවරණයකදී මේ වගේ කේවට්ටයන් අතුගා දැමීමට මාලිමාවට හැකි වනු ඇත.