IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි  බොරැල්ල පොලිසිය කියයි.

මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇත.

අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින් මෙම පොත් අස්ථානගතව ඇතත් කබඩ් එකේ ඉබියතුරු කඩා නැතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කාමරයට ප්‍රවිෂ්ට වන දොර දර්ශනය වන ආකාරයෙන් සීසීටීවි කැමරාද ක්‍රියාත්මක වන බැවින් ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

එකි පැමිණිල්ල අනුව වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (5)

වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා

beau Tuesday, 29 October 2024 11:09 PM

එහෙනම්, දෙකක් ජොනියගේ ගෙදර ඇති. දෙකක් රත්තරංගේ ගෙදර. තුනක් ලොහාන්ගේ ගෙදර ඇති. වැඩිදුර හොයන්න ඕනේ නෑනේ.

:       0       1

බකල ජයා Tuesday, 29 October 2024 11:13 PM

අපි උපන්ගෙයි හොරු. ඉපදෙන්නත් කලින් ඉඳලම දෙමව්පියෝ හොර පදිංචි සහතික වගේ ඒව හදලා, බොරු කියලා, කරල ලොකුයි කියල හිතන ඉස්කෝලෙකට දාගන්න හදනවා. හොර, බොරු ජානමය තෑගි විදිහට දීල තියෙනවා. රටේ සෑහෙන දෙනෙක් පගා, වංචා වලින් හම්බකරන සල්ලිවලින් දරුවන්ට කන්න බොන්න දෙන්නේ.

:       0       1

ජයනාත් Wednesday, 30 October 2024 06:14 AM

ඔන්න වැඩ පටන්ගෙන . පහුගිය කාලේ හොරෙන් ගෙනාපු වාහන වලට තමා මේ . අංක ප්‍රසිද්ධ කරන්න . සියල්ලම අවලංගු කරන්න .

:       0       3

Chinthaka Wednesday, 30 October 2024 12:18 PM

හොරෙන් ආනයනය කල වාහන 12000 ක් සදහා ලියාපදිංචි සහතික නිකුත්කරන්න එම පොත් ප්‍රමාණවත් වෙනවා .දැන් ඔය පොත් හරහා හොරෙන් ආනයනය කල වාහන 12000 ත් අල්ලාගන්න මොළයක් තියෙන බලධාරියෙකුට පුළුවන් වෙනවා. හරියට දඹුලුත් ගිහිල්ලා තලගොයිත් මරාගෙන ආවා වගේ වැඩේ කරන්න පුළුවන්. කොහොම වුනත් ඕවට කියන්න වෙන්නෙ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි

:       0       5

de silva Wednesday, 30 October 2024 04:09 PM

ඕක අනිවාර්යයෙන්ම පිටින් අපු සිරියල් අංක ගැන නොදන්නා හොරෙක් කරපු වැඩක් , ඇතුලේ ඉන්න මිනිස්සුට පොත් හොරට ගන්න අවශ්‍ය නැහැ උන් ඔරිජිනල් පොත් වලම ලස්සනට හොර වාහන ලියාපදිංචි කරනවා , උන් හොරකම් කරන්නේ සමුපාකාර ක්‍රමයට , උන් පොලිසිය , අල්ලස් දෙපාර්තමේන්තුව , නීතිපති දෙපාර්තමේන්තුවේ ලින්ක් තිබෙනවා , උන් කරන හොරකම් වලින් 0.001 % වත් නඩු ඔප්පු කරන්න බැරි බව උන් දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site