
(නිමල් ජයරත්න )
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
ඉන් නිවාස කිහිපයක වහලවල් සුළඟට සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති බව පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරී පාලිත උපල් කුමාර මහතා විමසීමකදී පැවසීය.
අවතැන් වූ පවුල් කිහිපයකට අවශ්‍ය පිසූ ආහාර ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා සහ අදාළ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති බවද උපුල් කුමාර කීවේය.
අද(09 ) එම ගම්මානයට ගොස් නිවාසවලට සිදුව ඇති පූර්ණ හා අර්ධ හානිය සම්බන්ධව තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව එම නිවාස යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීය.
වර්ෂාවක් සමග පැවැති සුළඟ හේතුවෙන් ප්‍රදේශයේ ගස් වැල් විදුලි රැහැන් වලට වැටී තිබීමෙන් ප්‍රදේශයට පැය කිහිපයක් විදුලියද විසන්ධි වී තිබිණි.

2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි