IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැස්සෙන් පදවියේ ගම්මාන රැසක් යට වෙයි

(දයාරත්න ඇඹෝගම)
මේ දිනවල උතුරුමැද පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පදවිය ප්‍රදේශයේ ගම්මාන ගණනාවක්  ( 11 ) දහවල් වනවිට ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.

පසුගිය දින කීපය තිස්සේ සිට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා වසර හතකට පමණ පසුව පදවිය වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ගම්වාසීහු පවසති.

 එසේම ශ්‍රීපුර , කැබිතිගොල්ලෑව මාර්ගය කම්බිලිවැව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාල භූමිය හා අවට ගම්මානවල අඩි 6 ක පමණ ජල මට්ටමක් පවතින අතර එය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. මේ හේතුව නිසා බෝගස්වැව , නාමල්වැව , වෙහෙරගොල්ල හා කම්බිලිවැව ආදී ප්‍රදේශවල සිට පදවිය , පරාක්‍රමපුර හා ශ්‍රීපුර අතර ගමනාගමනයද මුළුමනින්ම ඇනහිට තිබේ.

මීට අමතරව පදවිය - වව්නියාව මාර්ගය ජලයෙන් යටවීම නිසා පදවි පරාක්‍රමපුර සිට වව්නියාව දක්වා සියළු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.
ගම්වාසීන්ගේ දෛනික කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන සේවයක් ආරම්භ කර ඇත.

අප මේ පිළිබඳව පදවිය ප්‍රාදේශීය ලේකම් රලියුඩීන් මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ බුද්ධංගල මධ්‍ය මහ විද්‍යාලය හා වෙහෙරතැන්න ප්‍රදේශයේ නිවාස කීපයක් හා මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

එසේම පරාක්‍රමපුර - වව්නියාව මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බවත් නාවික හමුදාව බෝට්ටු සේවයක් යොදවා ඇතත් සැඩ පහර වේගවත් නිසා බෝට්ටු යොදා ගැනීම අපහසු වී ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට වර්ෂාව මඳක් අඩුවී ඇති නිසා බරපතල ආපදා තත්වයක් ඉදිරියේදී ඇති නොවනු ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

වැස්සෙන් පදවියේ ගම්මාන රැසක් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site