IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් දඹුල්ලේ විහාරස්ථානයක සංඝාවාසය නාය යයි

( කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ලලේ නව කිබිස්ස  ප්‍රදේශයේ ශ්‍රී  ශෛල බිම්බාරාම විහාරස්ථානයේ ඉදිරිපස බැම්ම හා සංඝාවාසය අද(22) නායයෑම හේතුවෙන් පහල පිහිටි ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක් යටවී පන්සලේ බැම්ම සම්පුර්ණයෙන්ම කඩා වැටී ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.

දඹුල්ල ප්‍රදේශයට දින තුනක පමණ කාලයක සිට එක දිගට ඇද හැලෙන  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙය සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ශ්‍රී  ශෛලබිම්බාරාම විහාරය සංඝාවාස ගොඩනැගිල්ල ද මේ වනවිට කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබෙන බවත් එමෙන්ම එම විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ ද  දැඩි අවදානමකට ලක්ව පවතී .

අද (22 )  උදෑසන එම ස්ථානයට අප ගමන් කරන විටත් පන්සල් ගොඩනැගිල්ල පිහිටි කන්ද ජලය සමඟ කෙමෙන් කෙමෙන් දියවී ගරා  යන අයුරු දැක ගැනීමට හැකි විය.

එමෙන්ම  වීහාරස්ථානය පහළ පිහිටා තිබූ ප්‍රජා ශාලා ගොඩනැගිල්ල මත මෙම ආරක්ෂිත බැම්ම කඩා වැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ලට ද බරපතළ හානි සිදු වී එහි ගබඩා කර තිබූ පුටු ආදී ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

විහාරාධිපති මයියංගණයේ ධම්මසිරි හිමියන් කියා සිටියේ අද තමන් වහන්සේ ආවාස ගෙයි සැතපී සිටිය දී එකවරම විශාල ශබ්දයක් ලැබුණු බවය එළියට වැඩම කොට බලන විට සම්පූර්ණයෙන්ම බැම්ම සහිත ප්‍රදේශය නාය ගොස් තමන් වැඩසිටි සංඝාවාසය ද කඩා වැටීමට ලක් වෙමින් පවතින බව දුටු බව උන්වහන්සේ පැවසූහ.

මාතලේ දිස්ත්‍රික් ආපදා නිලධාරියකු කියා සිටියේ මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර ස්වාමීන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බව ය .එමෙන් ම මෙම සිද්ධිය තවදුරටත් බැම්ම නාය යන දෙස බලා සිටි විහාරාධිපති හිමියෝ දැඩි කම්පනයට පත්ව දායක සභාවෙන් කණ්ඩායමක් උන්වහන්සේ වෙනම ස්ථානයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
 
 



අදහස් (0)

වැස්සෙන් දඹුල්ලේ විහාරස්ථානයක සංඝාවාසය නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site