(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය සහය නොදීමට තීරණය කර ඇත.
එම යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මරදපාන්ඩි රාමේෂ්වරන් මහතා පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති.එම කොංග්‍රසය නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරයා වන්නේ ජීවන් තොණ්ඩමන් මහතාය.
ඒ දෙදෙනාම පාර්ලිමේන්තුවේ දැනට කටයුතු කරන්න ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසය.
මේ අතර විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහාය නෑ‘
Lalith M Saturday, 16 April 2022 11:18 AM
ජීවන් තොණ්ඩමන් තම ජනතාව ගැන දන්නේ නෑ. ඔවුන්ගේ ජීවිත ගැන හිතන්න ඕනෑ නෑ. තාත්තාගේ අසීමිත ධනය භුක්තිය පමණයි. අනික බල ලෝභය...