IMG-LOGO

‘විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගේනවා‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී‍විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී  අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති  සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව පැවසූ හේරත් මහතා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් වෙනුවෙන් හිට ගන්නා බවද  සඳහන් කළේය. දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට උත්තර සෙවිය නොහැකි බවද මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේ‍ය.

ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ ප්‍රකෘති මනසකින් නොවන බව පැවසූ විජිත හේරත් මහතා ප්‍රකෘති මනසක් තිබේ නම් මේ ආකාරයට කටයුතු නොකරන බවද සඳහන් කළේය.



අදහස් (4)

‘විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගේනවා‘

යකාගෙ නීතිය Friday, 08 April 2022 03:31 PM

හුරේ ආයෙත් විජිත සහෝදරයාගෙ මීටර් 100 දිවීමේ තරගය බලාගන්න පුලුවන්. අර්බුදයට සතියක් ගියා. තොපි 225ටම ඒකට උත්තරයක් හොයාගන්න බැරිවෙල කියන්නෙ තොපි 225 ම ෆේල් ෆේල් ෆේල්

:       0       0

මැක්ස් Friday, 08 April 2022 03:40 PM

ප්‍රකුර්ති මනසක් තියෙන කොට තමයි පාර්ලිමේන්තුවේ මීටර් සීය දුවන්නේ. යටත්විජිත තුමා හරි!

:       0       0

karu Friday, 08 April 2022 06:53 PM

මොනවා කරන්නත් කලින් දේශීය අදායම් පනත සම්මත කරගන්න . මොකද ඉන්න හොරු ටික මාරු වෙන එක විතරයි වෙන්නේ . ඉපදෙන දවසේ ඉදන් ඉන්න හැම කෙනාම බදු ස්ය්සේට්ම් එකට දාන්න ඕනේ . විනිවිධ බදු ක්‍රමයක් අපේ රටට ඕනේ. අපි ආණ්ඩු මාරු කලාට වැඩක් නැ හොර කම නවත්තනං නැත්නම්.දැන් බලන්න පුළුවන් ඇත්තටම රටට ආදරේද නැත්නුම් බලය ගන්නද කියල .

:       0       0

Bamunuarachchi Saturday, 09 April 2022 08:06 AM

ජෙප්පන් හිතනවද ඔවුන්ට රජයක් කරන්න හම්බවෙයි කියලා..?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site