
(එම්.කේ.නන්දසේන)
කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බෝපිටිය වික්‍රමසිංහ විතාරණගේ අනුර (66) නැමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකි. මොහුට වෙඩි වැදි ඇත්තේ ඊයේ (07 දා) රාත්‍රියේ 11.30 පමණ බව පොලිසියට තොරතුරු ලැබී ඇත .
මෘත ශරීරය සහ තුවක්කුව තිබෙන ආකාරයට තුවක්කුව ඇඳ විට්ටමට හිරකර ඔහු විසින්ම වෙඩි තබාගෙන අති බවට පොලීසිය සැක පහල කරයි.
වෙඩි පහර වැදීමෙන් හිසෙන් විසාල කොටසක් ගැලවී ඇඳ මත විසිරී ඇති බවද පොලීසිය කියයි.අදාල තුවක්කුව රජයෙන් නිකුත් කොට ඇති බලපත්‍ර සහිත තුවක්කුවක් ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් යමක් සිදුවී ඇතැයි සෙවීම සඳහා පරීක්සණ අරඹා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට