IMG-LOGO

වලස්මුල්ලේ සිට මහනුවර ගිය බසයේ සිටි මගීන් 60 කට දැඩි අවවාද

බිමල් ශ්‍යාමන් ජයසිංහ

සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් නොතකා මගීන් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් රැගෙන වලස්මුල්ල සිට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අලුයම බේරුවල නගරයේ දී නතර කළ පොලිස් නිලධාරීන් එහි රියදුරු ඇතුළු මගීන්ට දැඩි ලෙස අවවාද කර මුදා හැරිය බව බේරුවල පොලිසිය කියයි .

වලස්මුල්ල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථය බේරුවල නගරයේදී නතර කරන අවස්ථාවේදී එහි අසුන් සියල්ලම මගීන් දෙදෙනා බැගින් අසුන් ගෙන සිටි බවත් තවත් මගින් 30 දෙනකු පමණ සිටගෙන ගමන් කරනු දක්නට ලැබුණ බවත් පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සියල්ලම  මුඛ ආවරණ  පැළඳ සිටිය ද එකිනෙකට ආසන්නව ගමන් කරන අයුරු දක්නට ලැබුණු බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

බස් රථයේ බහුතරයක් දෙනා කාන්තාවන් සහ කුඩා ළමුන් බවත් ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනකු එහි සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බේරුවල  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත්  පත්මකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දම්මික ද සිල්වා මහතා  රියදුරුට සහ මගීන්ට අවවාද  කළහ .
 



අදහස් (5)

වලස්මුල්ලේ සිට මහනුවර ගිය බසයේ සිටි මගීන් 60 කට දැඩි අවවාද

Kapila Monday, 20 April 2020 08:56 AM

අවවාද කලපසු කොරෝනා බෝවීම නැතිවෙනවද.?

:       0       0

Teshan Perera Monday, 20 April 2020 09:00 AM

ඕකයි තත්ත්වේ... මිනිස්සුන්ට මොලයකුත් නෑ.... බස් කාරයින්ට ප්‍රශ්නෙකුත් නෑ... රජයට ගානකුත් නෑ....

:       0       0

sena Monday, 20 April 2020 09:09 AM

මට තේරුම් ගන්න බැහැ මෙච්චර අවදානමක් තියෙද්දී මොන එකකට ඔය ඇදිරිනීතිය නැවැත්තුවාද කියන එක

:       0       0

DW Monday, 20 April 2020 09:23 AM

ප්‍රවෘත්තිය පැහැදිලි නැහැ. අවවාද කරලා ඒ ආපු විදිහටම හිරවෙලා යන්න දුන්නද? නැත්නම් වැඩියෙන් සිටි මගීන් බැස්සුවද...?

:       0       0

MD Monday, 20 April 2020 09:27 AM

හොදට බලන්න විල්පත්තු ඉදලා යාලට මාරුකරන කට්ටියක්ද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site