IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක්- සගයෝ දෙදෙනෙක් මාට්ටු

(ටෝනි කරුණානායක) 

වාලම්පුරියක් බවට සැකකරන බෙල්ලෙකු සන්තකයේ තබාගෙන විකිණීමට තැත් කළ දේවාලයක කපුවෙකු සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

දිවුලපිටිය , කාසල් වත්ත ප්‍රදේශයේ දේවාලයක්  පවත්වාගෙන සැකකාර කපු මහතා සන්තකයේ ඇති වාලම්පුරියක් රුපියල් ලක්ෂ පහකට විකුණන බව කපු මහතා විසින් තැරැව්කරුවන් දෙදෙනාට පවසා තිබේ. තැරැව්කරුවන් දෙදෙනා එම වාලම්පුරිය රුපියල් ලක්ෂ  13 කට විකිණීමට විකිණීමට ගැනුම්කරුවන් සොයන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇති බව පොලීසිය කියයි.

වාලම්පුරිය මිලට ගැනීම සඳහා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස් නිලධාරියකු ද  එක් කළ බව දිවුලපිටිය පොලීසිය පවසයි. 

තැරව්කරුවන් දෙදෙනා සමඟ  නිලධාරීන් දේවාලයට ගොස් වාලම්පුරි මිලට ගැනීමට සූදානම් වන අවස්ථාවේ සැඟව සිටි පොලිස් නිලධාරීන් විසින් තැරැව්කරුවන් දෙදෙනා සහ කපු මහතා ඇතුළු වාලම්පුරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සත්‍ය වාලම්පුරියක්ද  යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන වාලම්පුරිය නාරා ආයතනය වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .



අදහස් (3)

වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක්- සගයෝ දෙදෙනෙක් මාට්ටු

saman Tuesday, 24 January 2023 03:18 PM

අද මිනිස්සු මේවා කරන්නේ ජීවත් වෙන්ට කීයක් හරි හොයා ගන්ට.

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 January 2023 07:57 PM

දකුණට කැරකුණු බෙලිකට්ටක් වාලම්පුරියක් ලෙස සැලකෙන බව පැවසෙනවා.මේ සමාජ සම්මත මෙවන් වාලම්පුරි සිද්ධස්ථාන වල හා නිදන්වල තිබෙන අවස්ථා ඇති බවත් පැවසෙනවා.නීති විරෝධී ලෙස ලබා නොගත් වාලම්පුරි අලෙවි කිරීමේ අයිතිය මිනිසුන් වෙත තිබෙනවා. ඒත්,නීති විරෝධී නොවන ඒවාත් පොලීසිය අල්ලන බව කියැවෙන අවස්ථාත් තිබෙනවා.දකුණට කැරකුණ බෙලිකටු නීති විරෝධී නොවන බව පැහැදිලි වේ නම්,ඒවා පොලීසිය අල්ලන්නේ නම් එය කොතරම් දුරට සාධාරණ දැයි සිතා බැලිය යුතුය.පිට රටවල දකුණට කැරකුනු බෙලිකටු තිබේ. ඒවා කව්රු හෝ ගන්නවානම් ගෙනැත් විකිණීමේ අයිතියට පොලීසිය බාධා කිරීම සාධාරණ නොවේ.නීති විරෝධී නොවන දකුණට කැරකුණු බෙලිකටු මිළට ගැනීම ද වරදක් බව නොපෙනේ. වමට හැරී ඇති බෙලිකටු පයේ හැපුණත් ඒවා පොලීසිය විසින් අල්ලන්නේ නැත.නීති විරෝධී නොවන දකුණට කැරකුණු බෙලිකටු පොලීසිය විසින් අල්ලන්නේ නම් ඒ වෙනුවෙන් අසාධාරණයට ලක් වන්නන් මානව හිමිකම් සංවිධාන වල සහාය පැතිය යුතු බව මගේ අදහසයි.ඒ අදහස දැරීමේ අයිතිය හා පැවසීමේ අයිතිය මා සතුව පවතී.

:       0       2

Sherine chandrasekaraWednesday, 25 January 2023 12:15 AM

අවංකවම මිනිස්සු පෞද්ගලිකව හොයා ගත්තු වාලම්පුරි හෝ මැණික් ගල් හෝ වෙන මොනවා හෝ වේවා මිනිස්සුන් ගෙ පෞද්ගලික දේවල් කොහොමද පොලීසියෙන් අත්අඩංගුවට ගන්නේ. මේක පුදුම වැඩක් නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site