
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වයඹ පළාත් සභාවට අයත් වාරියපොල සහ ගල්ගමුව ගොවිපොළ වල අනියම් පදනම මත සේවය කරන කම්කරුවන් 51 දෙනෙකු අද (20) දහවල් වාරියපොල රජයේ ගොවිපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.
මෙම සේවකයින් වසර 15 සිට 25 දක්වා දීර්ඝ කාලයක සිට සේවයේ නිරතව සිටියත් තම සේවය ස්ථිර නොකිරීම සහ වැටුප් වැඩිනොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවයට එක්වූ බව සේවකයෝ කියති.
වසර 25 ක සේවය කළත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 11,000 ක පමණ වැටුපක් බව ඔවුන් පවසති.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරයා සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථා ගණනකදී දැනුවත් කලත් මේ වනතුරු තමන්ට සහනයක් නොලැබුණු බව විරෝධතාකරුවෝ කියති.
.මෙම සේවකයින් 29/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සුදුසුකම් සපුරා ඇති බවට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා විසින් භාණ්ඩාගාර ලේකම් වෙත දන්වා යවා ඇතත් මේ වන තෙක් මෙම පිරිසට ස්ථිර පත්වීම් ලබාදීමට පියවර ගෙන නොමැත.

2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාරියපොළ රජයේ ගොවිපොළ ඉදිරිපිට විරෝධතාවක්