IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල  කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු   ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට පත්ව සිටිති.

මෙම අලි රංචුව ගම්මානයේ අතරමංව තැන තැන ඇවිදිමින් බව භෝග විනාශ කරමින් තිබෙන බවත්   ඊයේ (24 ) ගම්මාන දෙකක පුද්ගලයන් දෙදෙනෙකුට මෙම එක වන අලියකු විසින් පහරදී  දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

පුද්ගලයෙක් නිවසක් ඉදිරිපිට බුදුන් වැඳීම සඳහා මල්කඩමින් සිටියදී එකවරම කඩාපැන්න වන අලියා පහරදී ඇතැයි පිබිදෙනුගම වනජීවී නිලධාරීහු පවසති.

අනෙක් තැනැත්තා වනජීවී නිලධාරින් දැඩි රැකවල් මත වන අලින් පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටින අවස්ථාවේදී වනජීවී නිලධාරීන්ට සහ මෙහෙයුමේ නිලධාරීන්ට හොර රහසේ වෙනත් පාරකින් ගොස් වන අලියාගේ ඡායාරූප ගැනීමට උත්සාහ කෙරෙන අවස්ථාවේදී වන අලියා විසින් පහර දී ඇතැයි   වනජීවී නිලධාරීහු පෙන්වා දෙති

මෙම ගම්මාන වල අතරමංව  සිටින වන අලින් රංචුව තලකිරියාගම මහා විද්‍යාලයට ඇතුළු වී තිබෙන බවත් රාත්‍රී කාලයේ විද්‍යාලයේ භූමියේ සැරිසරන අයුරු එහි සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මීට පෙර මෙම ගම්මාන වලට වන අලි බියක් කිසිදු දවසක නොතිබූ    බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ එහි භයානකකම ගම්මුන්ට දැනෙන බවය.දින කිහිපයක සිට දරුවන් සහ ගම්මානයේ පිරිස නිදිවරාගෙන දැඩි භීතියකින් පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

වන අලින් රංචුව පාසල් භූමියේ සැරිසරන දුටු දරුවන් පාසල් යැවීමට දෙමවුපියන් දැඩි බියට පත්ව සිටින බවත් දරුවන්ද පාසල් යෑමට අකමැත්තක් දක්වන බව දෙමව්පියෝ පෙන්වා දෙති.

පිබිදුනුගම   ජීවී කාර්යාලයේ නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව  මෙම වන අලින් රංචුව පලවා හැරීම සඳහා ඊයෙ( 24 ) රාත්‍රියේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කොට තිබිණි.

වන අලින් පන්වා දැමීම මෙදින සිදු කිර ගැනීමට   ප්‍රමාණවත් කාලයක් නොවන බවත් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් ලබා දෙන උපදෙස් පිළිපැදීමකින් තොරවන අලින් ආසන්නයට ගැවසීම නිසාවෙන් එම කටයුත්ත අසාර්ථකවන බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම වන අලින් ප්‍රදේශයේ එළවළු සහ අනෙකුත් වගාවන්ද රැසක් මෙවන විට විනාශ කර දමා තිබෙන බවය.

 

 



අදහස් (1)

වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා

sugath Friday, 25 October 2024 02:31 PM

කොළඹ ඉන්න අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැනේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site