IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙනම තරඟ කළත් අලුත් සන්ධානය සමඟ ඇති බැඳීමට හානියක් නෑ

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැතැයි  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් ඇප තැන්පත් කර නැති 62 ක් ඇති අතර, ඒවා සඳහා ද හෙට (20) දිනයේදී ඇප තැන්පත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බව කී සිරිසේන මහතා එම බැඳීමෙහි කිසිඳු බිඳීමක් සිදුව නැතැයි ද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමේ ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ හා එක්ව නිදහස් ජනතා සන්ධානය ගොඩනැගුවත්, නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළ බව ද සිරිසේන මහතා පැවසීය.



අදහස් (4)

වෙනම තරඟ කළත් අලුත් සන්ධානය සමඟ ඇති බැඳීමට හානියක් නෑ

podiekaa Thursday, 19 January 2023 05:21 PM

ඔහෙත් එපා... ඔහේගේ සංධානත් එපා...

:       0       9

Jayalath Friday, 20 January 2023 04:22 AM

කොහොම තරඟ කරත් හුඟක් ජනතාව මෙයාට කැමති නැත

:       0       3

leckmich Friday, 20 January 2023 01:28 PM

නානසාරත් එක්ක එකතුවෙලා.. ජාතිවාදී සංධානයක් හදාගන්න. වෙන කිසිදෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැනෙ .

:       0       3

de silva Friday, 20 January 2023 06:13 PM

රටේ ජනතාව ඔබ සිතන තරම් මෝඩ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site