IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වන්නි ඡන්දෙට එරෙහි පෙත්සම හෙට සලකා බලයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඉදිරි මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම හෙට (22) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

පෙත්සම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශවයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය හෙයින් උපදෙස් ගෙන කරුණු දැක්වීමට දිනයක් දෙන්නැයි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් පෙත්සම අද සලකා බැලීමට තීරණය කෙරිණී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකු වන ජී. විජේන්ද්‍රන්රත්නම්, ඒ.කේ.ජී.සුබීහන් යන මහත්තුරු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කරුවෝ අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් ඒ අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කර ඇත.

විධිමත් ආකාරයෙන් සියලු ලේඛන ඉදිරිපත් කර තිබියදී තම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මේ තත්වය යටතේ තේරීම් භාර නිලධාරියාගේ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

 



අදහස් (0)

වන්නි ඡන්දෙට එරෙහි පෙත්සම හෙට සලකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site