IMG-LOGO

විදෙස් අධ්‍යාපන වරම් අහිමි වූ සිසුන්ටSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ විසඳුම්

වාර්තා වන ආකාරයට මේ වර්ෂයේදී උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන් විදේශගත වීම 90% කින් පමණ අඩු වී ඇති අතර දේශීය වශයෙන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇති ඉල්ලු‍ම ද විශාල වශයෙන් පහළ ගොස් ඇත.  

“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ආර්ථික අසීරුතා නිසා අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීම නිතැතින්ම පැවරෙන්නේ අපට බවත් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රන්ජිත් රූබසිංහ මහතා පැවසීය. SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වශයෙන් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමටත් ශ්‍රී ලාංකික සිසුන්ගේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අපේක්ෂාව ඒ අයුරින්ම සඵල කිරීමටත් අපට හැකියාව තිබෙන බව ද රූබසිංහ මහතා පැවසීය.

SLTC පර්යේෂණ විශ්විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ Deakin" James Cook සහ RMIT  විශ්වවිද්‍යාල, නවසීලන්තයේ Auckland සහ Lincoln  විශ්වවිද්‍යාල සහ එක්සත් රාජධානියේ  Lancaster යන විශ්වවිද්‍යාල සමඟ අධ්‍යයන හවුල්කාරීත්වයන් පවත්වා ගෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මේ සියලු විශ්වවිද්‍යාල SLTCපර්යේෂණ විශ්විද්‍යාලය වෙතින් ලබා දෙන අධ්‍යාපනයෙහි ගුණාත්මක බව අතින් තමන් හා සම තත්ත්වයේ ලා සැලකීමයි. එම නිසා ශ්‍රී ලංකාවේ සිටSLTC හරහා උපාධියේ පළමු වසර දෙක සම්පූර්ණ කරන සිසුන් හට තමන්ගේ කැමැත්ත පරිදි එක්සත් රාජධානියේ, නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ අදාළ විශ්වවිද්‍යාලයේ සිට උපාධියේ අවසන් වසර සම්පූර්ණ කිරීම සඳහා ඉතා පහසුවෙන් අදාළ රටට සංක්‍රමණය වීමට හැකියාව හිමි වේ.

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වර්තමානයේ දී සිසුන් මුහුණ දෙන අසීරුතා සලකා බලා සිය ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර කළමනාකරණ, තාක්ෂණ හා සංගීත පීඨවල උපාධි පාඨමාලා සඳහා සියයට 20 ක් දක්වා විශාල මිල අඩු කිරීම් හඳුන්වා දී ඇත.

මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් මෙම විශේෂ මිල අඩු කිරීම සිසුන් වෙත හිමි වන්නේ SLTC විසින් ලබා දෙනENTECH ශිෂ්‍යත්ව වැඩසටහන හරහා සිසුන් හට හිමි වන දැවැන්ත මූල්‍ය ශිෂ්‍යත්වවලට අමතරව වීමයි. ENTECH ශිෂ්‍යත්ව වැඩසටහන SLTC විසින් ආරම්භයේදීම හඳුන්වා දුන්  ශිෂ්‍යත්ව වැඩ සටහනක් වන අතර ඒ යටතේ අ.පො.ස උසස් පෙළ හෝ ලන්ඩන් උසස් පෙළ විභාගයේ දී ලබා ගන්නා A සාමාර්ථ වෙනුවෙන් සම්පූර්ණ ගාස්තුවෙන්  සියයට 60 ක් දක්වා මිල අඩු කිරීමක් ලබා ලබා ගැනීමට සිසුන්ට හැකි වේ.   

“මෙය ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන අගනාම අවස්ථාවක්. එක් අතකට SLTC නිසා සිසුන්ට සැබෑ වියදමින් අඩකට පමණ ජාත්‍යන්තර උපාධියක් ලබා ගැනීමට හැකි වෙනවා. අනෙක් අතට විදේශ රටක අධ්‍යාපනය ලැබීමේ ඔවුන්ගේ සිහිනයත් සැබෑ කරගැනීමට හැකියාව ලැබෙනවා” යැයි මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් රූබසිංහ මහතා පැවසීය.

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වර්තමානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද උපාධි පාඨමාලා 25 ක් ලබා දෙන අතර එය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් විසින් ලබා දෙනු ලබන වැඩිම පාඨමාලා ගණන වශයෙන් සටහන් වේ. එමෙන්මSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විශ්වවිද්‍යාලය හා දකුණු ආසියාවේ හොඳම නව්‍යකරණ විශ්වවිද්‍යාලය වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.

595



අදහස් (1)

විදෙස් අධ්‍යාපන වරම් අහිමි වූ සිසුන්ටSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ විසඳුම්

Nisha Wednesday, 26 October 2022 07:50 PM

සංවර්ධිත රටක් වන්නට ගතවන කාලය සම්පූර්ණ කළ හැකි යැයි විශ්වාස කරන දුප්පත් සිසුන් නොමඟ මෙයින් යවයි. පාඨමාලා ගාස්තුව ශ්‍රී ලංකාවේ වියදම් කිරීමට ඇති මුදලට වඩා 10 ක් වැඩි වනු ඇත. එසේම IELTS සහ අනුග්‍රාහකත්ව අවශ්‍යතා ඉතා වැදගත් වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 494 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site